තවත් චීනුන් 16ක් අනිවත්තේදී අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික කාන්තාවක් වේ.

පොලීසිය සඳහන් කරන්නේ මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) දින සවස් කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

මීට පෙර පසුගිය 12 වනදා දහවල් කාලයේ දී පල්ලෙකැලේ නත්තරන්පොත ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 126 ක්, වියට්නාම ජාතිකයින් 02 ක්, තායිලන්ත ජාතිකයෙකු හා පිලිපින් ජාතිකයෙකු ඇතුළු විදේශ ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ඊයේ දිනයේ අනිවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පිරිස සහ පසුගියදා නත්තරන්පොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස අතර සම්බන්ධතාවයක් පවතිද යන්න පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතින බවත් පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...