අපරාධයක් වැලකූ පොලිසිය!

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 14, (LNW) කොළඹ :

පුද්ගලයන් සිව් දෙනකු, තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටියදී රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසන අතර, එම සැකකරුවන් සමග විවිධ ප්‍රමාණවලින් යුත් කඩු හතක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 37800 ක් පොලිස් භාරයට ගෙන ඇති බවද පැවසේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම සඳහා සූදානමින් තීරෝද රථයකින් පැමිණෙන බවට ගල්කිස්ස මූලස්ථාන පොලිසියට ලද රහසිගත තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 6500 , 10200 , 10500 ,හා 10600 පිළිවෙලින් තිබූ බවත් ඊට අමතරව පොහොර උරයක බහා කඩු හයක් තිබී පොලිස් භාරයට ගෙන ඇති බව පැවසේ.

අදාළ සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට මාස කීපයකට ඉහතදී අන්තර්ජාල යෙදවුමක් හරහා පුද්ගලයෙකු සමග හිතවත් වි එම පුද්ගලයාව ගල්කිස්සට ගෙන්වාගෙන රුපියල් ලක්ෂ දෙකක කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව පවතින නඩුවක වින්දිත එම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා යමින් සිටි බවට අනාවරණය වී යැයි පොලිසිය වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...