ආසියාවේම කාන්තාවන්ගේ ගෞරවය අද පකිස්තානය අතේ

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 14, (LNW) කොළඹ :

මෙවර කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ මුළු ආසියාවේම ගෞරවය රැක ගැනීමේ වගකීම් පැවරී ඇත්තේ පකිස්තාන කාන්තාවන්ටය.අද ඔවුන් නවසීලන්තය සමඟ ලැවත්වෙන තරගයෙන් පරාජයට පත් වුවහොත් මෙවර අවසාන පූර්ව වටයට කිසිඳු ආසියානු කණ්ඩායමක් නො‘එනු ඇත.එහෙත් ඔවුන් ජයග්‍රහණය කළහොත් ඉනදියාවට අවසාන පූර්ව වටයට පිවිසීමට විශාල අවස්ථාවක් ඇත.වේගවත් ලකුණු වේගයක් සමඟ විශාල ජයක් නවසීලන්තයට එරෙහිව ලබන්නට හැකිනම් එහිදී පකිස්තානයට අවසාන පූර්ව වටයට පිවිසීමේ හැකියාවක් උදා කර ගත හැකි අතර කෙසේ හෝ පකිස්තානය ලබන ජයෙන් ඉන්දියාවට හේ අවස්ථාවක් හිමීවීම අනිවාර්ය වේ.

ආසියානු නෑකමක් සහිත බිමක පැවත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ආසියානු කණ්ඩායම් හතර වන ඉන්දියාව,ශ්‍රී ලංකාව,පකිස්තානය සහ බංගලාදේශය යන කණ්ඩායම් හතරම අසාර්ථක වීම කණගාටුදායක තත්ත්වයකි.ඒ අතරින් ක්‍රිකට් ලෝකයම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කුමක් හෝ මේ තරගාවලියේ වෙනසක් කරන්නට ඉඩ ඇති බව ද බොහෝ විචාරකයෝ ද කීහ.ඉන්දියාව කණ්ඩායම වෙනුවෙන් විශාල මුදලක් වීසි කර ප්‍රචාරන ව්‍යාපෘති පවා දියත් කළ අතර ශ්‍රී ලංකාව ගැන ද විශේෂ බලාපොරොත්තුවකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේය.එහෙත් මේ වන විට යථාර්තය ලෙස හදුනාගත හැක්කේ එම රටවල් දෙක නොව ආසියාවේවත් කණ්ඩායමක් අවසාන පූර්ව වටයට නො‘පිවිසෙනු ඇති බවය.

මෙම ආසියාතික පසුබෑම අතරේ පහළින්ම සිටින කණ්ඩායම බවට පත් වෙන්නට ශ්‍රී ලංකාවට සිඳු වී ඇති අතර ඔවුන් සහභාගි වූ තරග හතරම පරාජය විය.එවැනි ඉරණමකට පත් වූ අනෙක් කණ්ඩායම වන්නේ සකොට්ලන්ත කණ්ඩායම වන අතර ඔවුන් ද තරග හතරම පරාජයට පත් වී තිබේ.
මේ සමඟ ඒ සහ බී කාණ්ඩවල කණ්ඩායම් ශ්‍රේණිගතව සිටින ආකාරයද දක්වා ඇත.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...