*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

2028 ණය ගෙවන්න පුළුවන් තැනට ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන් සමගි ජන බලවේගයට පමණයි – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටේ ණය ගෙවීම 2033 දී ආරම්භ කරන ලෙස කීවත් පසුගිය ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර 2028 සිට ණය ගෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතුය කියා ගිවිසුම් ගසා ඇති බවත් එම නිසා 2028 සිට ණය ගෙවීමට ප්‍රමාණවත් සංචිත රටක් ලෙස තබා ගත යුතු බවත් සංචිත ඉබේම නිර්මාණය නොවන බවත් ඒ සඳහා අපනයන කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කර රටේ ආර්ථිකය වර්ධනය කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අප රටේ ඇත්තේ කුඩා වූ ආර්ථිකයක් බවත් මේ ආර්ථිකය විශාල වන විට රටට ධනය හා විදේශ විනිමය ලැබෙන බවත් ඒ තුළින් ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ වන බවත් ඒ සඳහා හැකියාව ඇති නිවැරදි දර්ශනයක් සහිත දක්ෂ නිපුණතාවෙන් යුත් කණ්ඩායම ඇත්තේ කාටද කියා සිතිය යුතු බවත් පැවසූ ඒ මහතා කර්මාන්තශාලා ආරම්භ කර දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කර 260,000කට ආසන්න ප්‍රමාණයක් වැසී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ශක්තියක් විය හැක්කේ කාටද කියා ජනතාව සිතිය යුතු බවත් අවධාරණය කළේය.

ජනාධිපතිවරයා පත්වී අවසන් බවත් පාර්ලිමේන්තුව තුළ රට මෙහෙයවන ආර්ථික දර්ශනය ඇත්තේ කාටද කියා සිතිය යුතු බවත් 2028 ණය ගෙවීමේ ක්‍රියාවලිය තුළ ණය නැවත ගෙවිය හැකි ලෙස ආර්ථිකය දියුණු කළ හැක්කේ කාටද කියා ජනතාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවත් මේ ආර්ථික ප්‍රශ්නයට හොඳම විසඳුම ඇත්තේ සමගි ජන බලවේගයට බවත් ඒ සඳහා අවශ්‍ය දක්ෂ කණ්ඩායම තමා සතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ ඊයේ (14) ගම්පහ කිරිඳිවැල පිහිටි හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රැසක් ඇති බවත් දුගී දුප්පත්කම, විරැකියාව, දුෂ්කර ජන ජීවිත ගත කිරීම ආදී ගැටලුවලට විසඳුම් අවශ්‍ය බවත් ඒ උත්තර ලබා දීමේ දී රට ගැන සිතිය යුතු බවත් එයට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවත් පැවසූ ප්‍රේමදාස මහතා අද පවතින තත්ත්වය තුළ වත්මන් ජනාධිපතිවරයා සමඟ රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවත් පටු වාදභේද දේශපාලන මතිමතාන්තර පැත්තකට දමා රටටත් ජනතාවටත් ශක්තිය ලබා දෙන වැඩපිළිවෙළකට යා යුතු බවත් ඒ සඳහා මුල පුරන්න සමගි ජන බලවේගය සුදානම් බවත් ප්‍රකාශ කළේය.

එසේ ම බංකොලොත් රටට අගයක් එකතු කර සේවාවක් ඉටු කළ යුතු බවත් ජනතාවගේ ජන ජීවිත ඉහළ නංවන සේවාවක් ඇති කළ යුතු බවත් ආදායම් මාර්ග ශක්තිමත් කර නව ව්‍යාපාර ආරම්භ කළ හැකි පරිසරයක් නිර්මාණය කරන ප්‍රතිපත්ති මාලාවක් ඇති කළ හැක්කේ සමගි ජන බලවේගයට බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan