හිරුණිකාට බැරි නම් මම ලෑස්තියි. හිරුණිකාට එහෙම යන්න දෙන්න බැහැ – රංජිත් මද්දුම බණ්ඩාර

Date:

කොළඹ LNW:සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කර තිබෙන ලිපිය භාර නොගන්නා බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කළේය.

ඒ,අද (16) සමඟි ජන සන්ධානය විසින් කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.

එම මාධ්‍ය හමුවට රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමඟ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද සහභාගී විය.

එහිදී මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායකවරිය ලෙස දිගටම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කරන අතර ඇය ඊට එකඟත්වය පළකර තිබෙන බවයි.

එමෙන්ම මෙවර මහ මැතිවරණයේ ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන්ද අවශ්‍ය සහය ඇයට ලබා දෙන බවද මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මහ මැතිවරණයත් සමඟ ඇය කාර්ය බහුල වීම නිසා සමඟි වනිතා බලවේගයේ කටයුතු සඳහා රට වටේ යා නොහැකි නමුත් එහි රජාකාරී තමන්ට බලාගත හැකි හෙයින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය උක්ත තනතුරේ අඛණ්ඩව කටයුතු කරනු ඇති බවයි මද්දුම බණ්ඩාර මහතා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...