පුෂ්පිකා ජය ගනී!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17 , කොළඹ (LNW):

2021 ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා ප්‍රකාශයට පත් කරන ලෙසට ගල්කිස්ස දිසා අධිකරණය විසින් නියෝග කර තිබෙන අතර,ඒ ඇයගේ කිරුළ ඉවත් කිරීමට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

ඒ අනුව පැය 24 ක් ඇතුලත ශ්‍රි ලංකා විවාහක රූ රැජිණ නිල ෆේස්බුක් ප්‍රසිද්ධ නිවේදන ඉවත් කර ගන්නා බවටද, පුශ්පිකා ඩි සිල්වා යන මාගේ නම ‘’2021 ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ” යන කිරුල නීත්‍යානුකූලව දරණ හිමිකාරිය බවට එහි පල කරන බවටද චන්දිමාල් ජයසිංහ මහතා ඵකඟ විය යුතු බව ද අදාළ නියෝගයේ දැක්වේ.

තවද, දින 14ක් ඇතුළත ඔහුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ බව දැනුම්දිය යුතු අතර, එහිදී අදාළ කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය හිමිකාරිනිය බවත් ඊට තමන් මැදිහමත්වීමක් සිදු නොකරන බවත් චන්දිමාල් ජයසිංහ මහතා ප්‍රකාශ කළ යුතු බවට අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද එක් කර තිබුණා.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...