ඉක්මණින් හොරු අල්ලලා රටට හෙළිකරන්න.අපිට හදිස්සියි – තිස්සකුට්ටිආරච්චි

Date:

කොළඹ LNW:කිසිම වෙලාවක ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට කටයුතු නොකරන අතර ඉක්මණින් හොරු අල්ලා රටට හෙළිකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

යුද්ධයක් අවසන් කර රට සංවර්ධනය කරමින් සිටි රාජපක්ෂවරුන්ට හොරු කියමින් ජනතාව එය විශ්වාස කරන තැනට පත්කර ලබා ගත් බලයක් ලෙස ඔවුන්ගේ ජයග්‍රණය දකින අතර එම ප්‍රතිඵලයෙන් කියවුණේ ජනතාව තරහ පිරිමසා ගැනීමට දුන් ජන්දයක් බවද හිටපු මන්ත්‍රීවරයා කියාසිටියි.

”අපි තමයි වැඩිය ආසාවෙන් ඉන්නේ හොරු අල්ලනවට. මොකද හොරු හොරු කියද්දී රටේ ජනතාවත් විශ්වාස කළා හොරකම් කරන්න ඇති කියල. ඒ නිසා අපි මතක් කරනවා ඒ හොරු ඉක්මණට අල්ලලා රටට හෙළි කරන්න කියල. ඊට පසේ ජනතාව තීරණය කරයි ඇත්තටම හොරු කවුද නැත්තේ කවුද කියල.ඒක විසන්දගන්න ආණ්ඩුවට වඩා ඉක්මන් වීමක් තියෙනවා.”

ඒ අනුව ජනතාව විසින් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ විශාල සිතුම් පැතුම් ඇතුව වන අතර එම බලාපොරොත්තු කඩ වෙනවද ඉෂ්ට වෙනවද කියන්න කාලය තාමත් වැඩි බවද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

47 වැනි වාර්ෂික සත් සාමාජික වෙළෙඳ සේවා හොකී තරගාවලිය මෙම මස 9 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW: වසර 1957දී ආරම්භ කරනු ලැබූ...

Rashmini Mather කේබල් සොලියුෂන්ස් පීඑල්සී සමඟ එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කේබල් සොලියුෂන්ස් පීඑල්සී...

Colombo Dockyard නව ගමනක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : Colombo Dockyard PLC...

නව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීමේ නිලවරණය හෙට!

කොළඹ LNW:ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු...