IMF එක්ක සාකච්ජා කර බදු බර අඩුකරන්න බැරි ඇයි? – සජිත් ප්‍රශ්න කරයි

Date:

කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා කර ජනතාවට සහන වැඩි කළ නොහැක්කේ ඇයිද යන්න සමඟි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

ජනතාවගේ කරපිට බදුබර පැටවීම ලිහිල් කරන නව ගමනක් යාමට ජනතාව අපේක්ෂා කළද ජනතාව මත පැටවු සෘජු හා වක්‍ර බදු අඩු කරන්න රජයට නොහැකි වී ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (18) අවිස්සාවේල්ල පැවැති පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකළ සාකච්ඡාවට වුණ දේ දැන ගැනීමට කැමති බවත් සෘජු හා වක්‍ර බදු අඩු කරන්න රජය ගන්නා පියවර දැන ගන්නට කැමති බවත් තමා බලයටපැමිණියේ නම් IMF ගිවිසුම සංශෝධනය කර බදු බර අඩු කර බදු අසහනය නැති කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද පවතින ක්‍රමවේදය තුළ ජීවන බර උහුලා ගත නොහැකි අතර මේ පීඩනය නිසා ජනතාව අසරණ වී ඇති නිසා මේ පීඩනය, අසහනය අඩු කරන වැඩපිළිවෙළකට යා යුතු බවට තමා විපක්ෂයේ සිටම ⁣IMF එකට යෝජනා කළ බවද එදා IMF නියෝජිතයන් තමා කියු දෙයට ඇහුම්කම් දී ජනවරමක් ඇත්නම් ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කැමති වු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...