නීති විරෝධී ශ්‍රම සංක්‍රමණ හේතුවෙන් වසරක් තුළ ලොව පුරා පුද්ගලයන් මිලියන 49ක් පීඩාවට!

කොළඹ LNW: නීතියානුකූල නොවන ශ්‍රම සංක්‍රමණ හා මිනිස් ජාවාරම් හේතුවෙන් ඉකුත් මාස 12 තුළදී ලොව පුරා පුද්ගලයන් මිලියන 49.6ක් පීඩාවට පත්වී ඇතැයි මිනිස් වෙළඳාමට එරෙහි කටයුතු කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන බල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන පුහුණුකාර නිරෝෂ හපුආරච්චි මහතා පවසයි.

මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලිස් සමන්විතව ඇමරිකා එක්සත් ජනපදය ජූනි මාසයේදී නිකුත් කළ Trafficking in Persons Report දත්ත වාර්තාව අනුව වහල්භාවයට පත්වූ මිලියන 49.6ක් වන පිරිසෙන් 71%ක් කාන්තාවන් හා ගැහුණු ළමුන් වන බව ද ඒ මහතා කීවේය.

සිවිල් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන පුහුණූකාර නිරෝෂ හපුආරච්චි මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සමාදාන ආයතනයේ සංවිධානත්වයෙන් මිනිස් වෙළඳම, නීති විරෝධී ශ්‍රම සංක්‍රමණ හා මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මහනුවර දි මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා 2023 අවසන් භාගය හා 2024 දත්ත අනුව රටවල් 188ක් පාදක කරගනිමින් මෙම වාර්ෂික වාර්තාව සකස් කොට ඇති බවත් මිනිස් වෙළඳම තුළදී ඩොලර් බිලියන 150ක ගනු දෙනු සිදුවන බව ද කීවේය.

සංචාරක වීසා ආදිය යොදා ගනිමින් සංක්‍රමණය වන පිරිස් රැකියා සඳහා යොමුවීමේදී ඔවුන්ට සුරක්ෂීතභාවයක් හිමි නොවන බව පෙන්වා දුන් ඒ මහතා විදෙස් රැකියා සඳහා යොමුවීමේදී විධිමත් වෘත්තිය පුහුණුවක් ලබා නිතියානුකූල මාර්ග ඔස්සේ විදෙස්ගත වීම වඩා සුරක්ෂීත යැයි ද පැවසුවේය.

විදේශ අමාත්‍යංශය, විදෙස් සේවා නියුක්ති කාර්යංශය සහ තැනැත්තන් වෙළඳමට එරෙහි ජාතික කාර්යය සාධක බලකාය ඇතුලු ආයතන රැසක් මේ සඳහා මැදිහත්වී සිටින බව ද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

සමාදාන ආයතනයේ අධ්‍යක්ෂ නිරෝෂන් ඒකනායක මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...