කාන්තාවන් හා දරුවන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව නීති සම්පාදනය විය යුතුයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අප රට පත්ව ඇති මේ අවාසනාවන්ත බැරෑරුම් තත්ත්වය තුළ දිනෙන් දින දරුවන්ගේ, ළදරුවන්ගේ, මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ අයිතින් උල්ලංඝනය වන බව පෙනී යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුව ළමා මන්දපෝෂණය ගැන ලැබෙන ආරංචි සුබවාදී නොවන බවත් එම නිසා දරුවන්ගේ හා කාන්තාවන්ගේ අයිතීන් ශක්තිමත්ව සුරක්ෂිත විය යුතු බවත් මූලික අයිතිවාසිකමක් ලෙස ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හොඳ ශක්ති සම්පන්න දරු පරපුරක් සිටිනවා යනු හොඳ ශක්ති සම්පන්න පුරවැසි පරපුරක් නිර්මාණය වීම බවත් එය හොඳ නිෂ්පාදන ධාරිතාවකට බලපාන බවත් එය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට ද බලපාන බවත් පැවසූ ඒ මහතා මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ මන්දපෝෂණය ළදරුවන්ගේ මන්දපෝෂණය හා දරුවන්ගේ මන්දපෝෂණය වර්ධනය වීම සෞඛ්‍ය සම්පන්න ජන පරපුරක් බිහි කිරිමට දැඩි ලෙස බලපෑමක් එල්ල කරන බවත් පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය, බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචක නිසා බරපතල අර්බුදයක් නිර්මාණය වූ බවත් ඒ තුළින් අසහනයට පත් වන්නේ දරුවන්, ළදරුවන්, මව්වරුන් හා කාන්තාවන් බවත් අද වන විට කාන්තා අයිතීන් පවා දිගින් දිගටම උල්ලංඝනය වන බවත් නිවසේදී මහමගදී වැඩබිමේ දී කාන්තාව හිංසනයට ලක්වන බවත් 52%ක් වන කාන්තාවන් හිංසනයට ලක්වන නිසා මව්වරුන්, කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් විශේෂිත වූ නව නීති සම්පාදනය විය යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ ම සමගි ජන බලවේගය ජයගත් පසු ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික හා දේශපාලන අයිතීන් මානව හා මූලික අයිතින් ලෙස ශක්තිමත් කෙරෙන නීති සම්පාදනයකට යොමුවන බවත් මේ බරපතල ප්‍රශ්නයෙන් පැන යා නොහැකි බවත් මෙරට කාන්තා පරපුරට මව් පරපුරට ළදරු පරපුරට මුල් තැන ලබා දිය යුතු බවත් රජයේ න්‍යාය පත්‍රයේ ළදරුවන්ගේ දරුවන්ගේ මව්වරුන්ගේ කාන්තාවන්ගේ අයිතින් ආරක්ෂා කිරීම ඉහළම තැනක තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ රත්මලාන ආසනයේ පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුවකදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්...

යුදෙව් විරෝධී චෝදනා සම්බන්ධයෙන් ප්‍රංශය, ඇමරිකානු තානාපතිවරයා කැඳවයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: යුදෙව් විරෝධයට...

අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව...

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...