ඩොලර් බිලියන 3 – 4ක් බාහිර මූලාශ්‍රවලින් අවශ්‍යයි. ඉදිරි වසර ඉතාම අපහසු වෙයි – සබ්‍රි

Date:

මේ වසරේ ඉදිරි මාස සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3 – 4 අතර මුදලක් බාහිර මූලාශ්‍රවලින් සපයා ගැනීමට අවශ්‍ය වනු ඇති බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

එසේම ඉන්දියාව, චීනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව සමග මේ වනවිට සාර්ථකව මූලික සාකච්ඡා පවත්වා ඇති බව පවසන ඒ මහතා ආර්ථිකය ඉදිරියට ඇදගෙන යෑමට හැකිවනු ඇතැයි විශ්වාස බවත් ප්‍රකාශ කර තිබේ.

ඉදිරි මාස 6 – 9 අතර කාලය හෝ වසරක කාලය ඉතාම අපහසු කාලයක් වනු ඇති බවත් තමන් එය තේරුම්ගෙන සිටින බවත් ඒ මහතා සඳහන් කර ඇත.

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර බ්ලූම්බර්ග් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...