මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

පසුගිය දා වන අලි රංචුවක් දුම්රියක ගැටීමෙන් හානි වූ දුම්රිය මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙන අතර, එම මාර්ගයේ දුම්රිය ධාවනය ද මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.

මින්නේරිය රොටවැව මන්සංධිය ආසන්න දුම්රිය හරස් මාර්ගයේ ඊයේ අළුයම වන අලි රංචුවක් ගැටීමෙන් අලි දෙදෙනෙකු මිය ගිය අතර, ඉන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවිය. ඒ සමග මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

වහා ක්‍රියාත්මක වූ දුම්රිය සේවකයින් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කළ අතර , ඒ සමග මඩකලපුව කොළඹ අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කෙරුණි. ඒ මෙම ස්ථානයේ දී අඩු වේග සීමා යටතේයි. කෙසේ වෙතත් දුම්රිය මාර්ගයෙන් ඉවතට විසි වූ තෙල් ටැංකි ඉවත් කිරීම හා දුම්රිය මාර්ගයේ ස්ථීර ඉදිකිරීම් අවසන් කිරීමට තවත් සතියක පමණ කාලයක් ගත වනු ඇති බව දුම්රිය නිලධාරීන් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...