නීලාගේ අභාවයෙන් හිස් වූ මිලානෝ කොන්සියුලර් තනතුර බන්දු සමරසිංහට ?

Date:

ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලංකා කොන්සියුලර්වරයා ලෙස ප්‍රවීන සිනමා නළු බන්දු සමරසිංහ මහතාගේ නම යෝජනා වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.

මිලානෝ කොන්සියුලර් තනතුර සඳහා මීට පෙර ප්‍රවීන ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කළ අතර කෙසේ නමුත් අදාල තනතුරට පත්ව ඉතා කෙටි කාලයක් තුළදී ඇය ජීවිතයෙන් සමු ගත්තාය.

බන්දු සමරසිංහ මහතා අදාල තනතුරට යෝජනා වී ඇති බවට වාර්තා වීමත් සමග ඉතාලියේ ජීවත් වන ශ්‍රීලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ මිලානෝ කොන්සියුලර් තනතුර පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ නමුත් බන්දු සමරසිංහ මහතාගේ නම ඊට යෝජනා වීම ඇමතිවරයා තහවුරු කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...