සංගලා සහ මහේලලත් පව් සමා කර ගැනීමේ කණ්ඩායමට

Date:

මේ දිනවල ගාලුමුවදොර අරගලය හරහා ඉදි වුණු ගෝඨාගෝගම ගම්මානය පව් සමා කර ගැනීමේ ස්ථානයක් බවට පත්ව ඇත.තමන්ගේ හෘද සාක්ෂිය අනුව ඒ දේ කරනවාද නැද්ද යන්න දන්නේ ඒ කතා කරන පිරිසමය.කෙසේ වුව මිනිසුන් නිවැරදිවීම මෙන්ම නිවැරිදි වෙන්නට අවකාශ්‍යක් තිබිම ද වැදගත්ය.

ගෝඨාගෝගමට පැමිණ හෝ නැතුව ස්වීය වැරදි ගැන පාපොච්ඡාරණය කරන පිරිස එන්න එන්නම වැඩි වෙමින් ඇත.ඒ අතර කලාකරුවන්ද,ක්‍රීඩකයින්ද ඇතුළු විවිධ වෘත්තිකයන් දක්නට ඇත.ඇතැම් අය මේ ජනරැල්ල ඉදිරියේ වෙනස් වන ආණ්ඩු සමඟ සිය ව්‍යාපාර කරගෙන යාමේ උවමනාවෙන් මේ තීරණ ගන්නවා විය හැකිය.ඇතැම් පිරිස් ගෙවුණු මාසයේද රජය පිම්ඹිමේ වැඩවලට කෝටි ගණනින් ලංසු තැබූ අයය.ඒ ආකාරයට මුදල් අයකර කරන ව්‍යාපෘතිවලින් රාජපක්ෂලා සහ ඔවුන්ගේ ආණ්ඩුව පිමිඹීම සහ කොමිස් ලබා දීමද තමන් රිසි පරිදි ලංසු තබා ඒවායෙන් හම්බ කර ගැනීම ද කර අයය.

මේ ආකාරයට පව් සමා කරගැනීමේ අදිටනින් ඉවත්වන අය අතරට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙදෙනෙක් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාරද අනියම් ආකාරයකින් එක් වි ඇත.ඔවුන් දෙදෙනා රටේ ක්‍රීඩාව නාමල්කරණය කිරීමේ ප්‍රධාන මෙහෙයුම දියත් කළ දෙදෙනාය.ඔවුන් ඇතැම් විට ක්‍රීඩා අමාත්‍යවරයාට වඩා හමුවීමට අපහසු දෙදෙනෙක් විය.මේ වන විටත් රටේ ක්‍රිකට්වල,ජාතික ක්‍රීඩා සභාවල වගකීම් භාරගෙන ඒවා අතහැර කිසිඳු ගණනක් නැතිව ඉන්දියාවේ සිය පුහුණුවීම් කටයුතුවල නියැලෙමින් ඇත.රටක ක්‍රීඩාව මෙහෙයුමට සහ තීරණය කිරීමට වගකීම් පැවරුණු අය රටේවත් සිටින්නට නොහැකි තරමට අවිවේකීව වුව ද ඒ දුෂ්කරතාවයන් කියා ඉවත්වීම වෙනුවට එිහිම ඇලෙන තත්ත්වයක් දක්නට ලැබුණි.

ගෙවුණු සියවැනි ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාවේ මෙතෙක් පිහිට වූ ඉහළම මට්ටමේ ජාතික වා්ර්තාවක් පිහිට වූ මීටර් 3000 බාධක දිවීමේ සූරිය නිලානි රත්නායක සුපරි සංචිතයෙන් ඉවත් කරන්නට කාමරයක් ඇතුළේ සිට ප්‍රායෝගික නොවන තීරණයක් ගැනීම හොඳ උදාහරණයකි.ඇය සහභාගි වූ තරගයකදී බාධකය නිසි උසට වඩා ඔසවා තැබීමෙන් ආබාධයකට ලක් වූ අතර ඒ තත්ත්වය නොසළකා මහේලගේ ජාතික ක්‍රීඩා සභාව කළේ ඇයගේ දක්ෂතා පහළ බැස ඇති බව පවසමින් සුපිරි සංචිතයේ දීමනා ඉවත් කිරීමය.

ක්‍රීඩා අමාත්‍යවරයා ද හැමදේම ක්‍රීඩාව දත් ජාතික ක්‍රීඩා සභාවට යැයි කියමින් වගකීමෙන් අත සෝදාගෙන ස්වාධීන මුහුණුවරක් පෙන්වමින් සිටියේය.එහෙත් තමන්ට අදාළ සහ සමීප කරුණ ඉදිරියේ ඔහු කිසි ජාතික සභාවක උපදෙසක් නැතුව රගර් පරිපාලනය විසුරුවා හැර ශ්‍රී ලංකාවේම රගර් අර්බූදයට යන තීරණයක් ගත්තේය.එයින් පැහැදිළිවන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා සභාවට සියල්ල පවරා නැත.පවරා ඇති බව පෙන්වන්නේය එමෙන්ම ඔහුට ක්‍රීඩා පාළක සභාව හරහා ද යමක් ඉටු කරවාගැනීමට හැකියාව තිබුණ බව ද මෙම සිදුවිම් පැහැදිළි කරන්නේය.

කෙසේ වුව මේ දෙදෙනාද දැන් තමන් දැරූ වගකීම්වලින් ඉවත් වෙන්නට තීරණය කර ඇත.ජනතාවගේ ඒකරාශීවීමට බොහේ දේ කළ හැකි බව ඔප්පු වෙමින් තිබෙන මොහොතක ඒ බලයට අවනතව ඉවත්ව යාමක් ලෙස මෙයද සැළිකිය යුතුය.කෙසේ හෝ ඕනෑම කෙනෙක්ට නිවැරදිවීමට ඉඩ තිබිය යුතුය යන්න වගේම හුදු සමාව ගැනීමකට වඩා තමන් අතින් මේ දේශපාලනයට සමීපව සිදු වූ වැරදි ගැන ද යම් පාපොච්ඡාරණයක් කළ හැකිනම් ඒ ප්‍රකාශවල මීට වඩා සාධනීය තත්ත්වයක් තිබෙන්නට හැකිය.එසේ නොකර සමාව ගැනීමේ දී වුව එය පිළිගත යුතු අතර නමුත් අඩුම තරමේ සමාජය හෝ ඔවුන්ගෙන් වූ හානිය ද යම් ආකාරයකට තක්සේරු කර ඉදිරියේදී කටයුතු කරන්නට විමසා බැලීමක් කළ යුතුය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...