අදින් අවසන් වන ඇල්පිටිය ඡන්ද‌යේ ප්‍රචාරක කටයුතු!

0
287

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23,කොළඹ (LNW):

අද (23 වැනිදා) මධ්‍යම රාත්‍රී 12 න් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ මස 26 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය.

ප්‍රචාරක කටයුතු සීමා කාලය අද මධ්‍යම රාත්‍රි 12 සිට ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අවසන් වීමට නියමිත බවද සඳහන් වේ.