ජොන්ස්ටන්ගේ BMW එක එංගලන්තයේදී හොරකම් කරපු එකක්!

Date:

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ළඟ තබාගත් බව පැවසෙන ප්‍රශ්නගත ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බව අනාවරණය වී තිබේ.

අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව යි හෙළිදරව් වී ඇත්තේ.

මෙම මෝටර් රථයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද (23) දින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දුන් අතර පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝම්බර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

ප්‍රශ්නගත BMW මෝටර් රථය සොරාගන්නා ලද අංක තහඩුවක් සහිතව භාවිත කර ඇති බවත්, එය නීත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව ශ්‍රී ලංකා රේගුවේ දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවත් විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබුණි.

එමෙන්ම වැඩිදුරටත් කරුණු දක්වමින් එම නිලධාරින් කියා තිබුණේ නීති විරෝධිව මෙරටට ගෙන්වීමෙන් පසු කොටස් දෙකක් එකට පෑස්සීමෙන් මෝටර් රථය එකලස් කිරීමක්ද සිදුවී ඇති බවයි.

මෙහිදී සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ප්‍රශ්නගත මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද පැවසුවද, එම සොරකමට සිය සේවාදායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහුට විරුද්ධව මුදල් විශුද්ධීකරණ පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවයි.

ඒ අනුව ඕනෑම කොන්දේසියක් යටතේ සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...