ලිට්රෝ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දන්වා ඇති බවයි දැක්වෙන්නේ.

ගෑස් අර්බුදය සහ ඉන් ඔබ්බට ගොස් වර්තමානේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිමය තීරණ මත අප්‍රේල් 14 වැනිදා සිට ඉල්ලා අස්‌ වන බවයි ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ.

මේ වන විට ලිට්රෝ සමාගම ගෑස් බෙදා හැරීමද ලබන 18 වැනිදා දක්වා දින පහකට නතර කර තිබෙන අතර සියලුම සේවකයින්ට දින 5ක අවුරුදු නිවාඩුවක් ද ලබා දී තිබේ.

විදේශ සංචිත අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය නිසිලෙස සිදුකිරීමට පසුගිය කාලය පුරාම නොහැකි වූ අතර තවදුරටත් එම ප්‍රශ්නය විසඳා ගැනීමට ද ආණ්ඩුවට හැකියාවක් ලැබී නැත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...