දුමිදු අවසන් 16 දෙනා අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 24, (LNW) කොළඹ :නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවත්වෙන MAXX North Harbour International 2024 බැඩ්මින්ටන් සූරතාවලිය නියෝජනය කරන දුමිදු අබේවික්‍රම අවසන් 16 දෙනා අතරට පැමිණෙන්නට සමත් වුණා.පිරිමි මූලික වටය නියෝජනය කරන තරගකරුවන් 64 දෙනා අතර සිටිමින් තරග දෙකකට සහභාගි වූ දුමිදු එහි පළමු හමුවේදී නේපාලයේ ජීවන් ආචර්යා පරායට පත් කළා.එහිදී ලකුණු තත්ත්වය දැක් වුණේ 21 -13 සහ 21 – 9 ක් ලෙසයි.

දුමිදුගේ දෙවන හමුව සිඳු වුණේ ඕස්ට්‍රේලියාවේ කීත් මාර්ත් එඩිස්න් සමඟයි.එස තරගයද දුමිදු ලකුණු 25 – 23 ක් සහ 21 – 16 ක් ලෙස ජය ගන්නට සමත් වුණා.16 දෙනාගේ වටයේදී දුමිදුට හමුවන්නේ මේ තරගාවලියේ පිරිමි කේවල තරගය නියෝජනය කරන ක්‍රීඩකයින් 64 අතරේ දක්ෂතා අනුව ශ්‍රේණිගත කිරීම්වල 5 වන තැනට සිටින චීන තායිපේ නියෝජනය කරන වැන්ග් පෝ වෙයි වන අතර දුමිදු සිටින්නේ මේ තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරීම්වල 13 වන තැනයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...