දුමිදු අවසන් 16 දෙනා අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 24, (LNW) කොළඹ :නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවත්වෙන MAXX North Harbour International 2024 බැඩ්මින්ටන් සූරතාවලිය නියෝජනය කරන දුමිදු අබේවික්‍රම අවසන් 16 දෙනා අතරට පැමිණෙන්නට සමත් වුණා.පිරිමි මූලික වටය නියෝජනය කරන තරගකරුවන් 64 දෙනා අතර සිටිමින් තරග දෙකකට සහභාගි වූ දුමිදු එහි පළමු හමුවේදී නේපාලයේ ජීවන් ආචර්යා පරායට පත් කළා.එහිදී ලකුණු තත්ත්වය දැක් වුණේ 21 -13 සහ 21 – 9 ක් ලෙසයි.

දුමිදුගේ දෙවන හමුව සිඳු වුණේ ඕස්ට්‍රේලියාවේ කීත් මාර්ත් එඩිස්න් සමඟයි.එස තරගයද දුමිදු ලකුණු 25 – 23 ක් සහ 21 – 16 ක් ලෙස ජය ගන්නට සමත් වුණා.16 දෙනාගේ වටයේදී දුමිදුට හමුවන්නේ මේ තරගාවලියේ පිරිමි කේවල තරගය නියෝජනය කරන ක්‍රීඩකයින් 64 අතරේ දක්ෂතා අනුව ශ්‍රේණිගත කිරීම්වල 5 වන තැනට සිටින චීන තායිපේ නියෝජනය කරන වැන්ග් පෝ වෙයි වන අතර දුමිදු සිටින්නේ මේ තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරීම්වල 13 වන තැනයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...