*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

බඩු මිල පාලනය කරගන්න බැරුව රජය අකාර්යක්ෂම වෙලා – සජිත් කියයි

කොළඹ LNW:වත්මන් රජයට බඩු මිල පාලනය කරගත නොහැකිව අකාර්යක්ෂම ලෙස ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙය වන බවත් කෙටි කාලයක් තුළ ආහාර පාන ඇතුළු භාණ්ඩවල හිඟයක් නිර්මාණය වී අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගෙස් අමාරුවෙන් ජීවත් වන ජනතාවගේ ජන ජීවිත කඩා වැටී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජීවත් වන්නට පුලුවන් රටක් නිර්මාණය කරන බවට මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අහස උසට ආහාර මිල වැඩිවන විට ⁣ජනතාවට ජීවත් විය නොහැකි බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ආදායම් මාර්ග හැකිලි ආදායම් අඩුවී ජන ජීවිත දුෂ්කර වී ඇති මොහොතක අසීමිත ලෙස අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ යන විට අඩු මුදලකට ඒ ආහාර ලබා ගන්න පෝලිමේ සිටීමට සිදුවන විට ජනතාවට යන කලදසාව ගැන ප්‍රශ්න කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) අවිස්සාවේල්ලේ පැවැති ජන හමුවකදීය.

සමගි ජන බලවේග රජයක් තුළ බඩු මිල පාලනය කළ හැකි ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් ලක්ෂ 220 ජනතාවගේ සෞභාග්‍යය උදෙසා යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් දරාගත හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීමේ යුගයක් බිහි කර ජනතාව ජීවත් කරවන යුගය යථාර්ථයක් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

එසේම ජනතාවගේ ආශිර්වාදය ලබා ගැනීමට බොරු කියා රජවීමේ යුගයට නැවතීමේ තිත තියා සෞභාග්‍යය සම්පන්න රටක් හා අනාගතයක් උදාකරන්න කටයුතු කරන බවත් දූෂණයෙන් වංචාවෙන් සොරකමින් තොර රටක් නිර්මාණය කරන බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan