IMF වෙතින් ලැබුණු සහතිකය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ඒ බව පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ ළඟදීම සිදුකෙරෙන තුන්වන සමාලෝචනය කරා කඩිනමින් යෑමට එමගින් අවස්ථාව උදාකර ඇති බවත්, IMF සහ ලෝක බැංකු රැස්වීම් හා සමගාමීව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.

IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා,

“නව රජය පත්වෙලා තාම කෙටි කාලයයි. මගේ ප්‍රධානත්වයෙන් ඉහළපෙළේ කණ්ඩායමක් සාකච්ඡා සඳහා සහ බලධාරීන් සමග අදහස් හුවමාරු කරගන්න කොළඹ ට ගියා. නව රජය සහ ඔවුන්ගේ කණ්ඩායම සමග අපි ඉතා සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා. එම සාකච්ඡා තවදුරටත් වාර්ෂික රැස්වීම් අතරදී පැවැත්වෙනවා. දැන් හොඳ එකඟතාවයක් තිබෙනවා. එය ඒකමතික එකඟතාවයක්…”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොඳක් අහන්නෙම නැති ශ්‍රී ලංකා ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: ක්‍රිකට් පරිපාලනය කියන්නෙ හුඟ...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගැන කළ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2025 වසරේ ගතවූ කාලය...

හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීමෙන් ඉන්දියාව ඇතුළු බටහිර ආසියානු කලාපයේ ගුවන් ගමන්වලට බාධා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දිගු ඉතිහාසයකට...

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානයේ ජේෂ්ඨ නිලධාරියකු වූ හයිතම් අලි ටබටබායි ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය...