පහර දීමේ සිද්ධියකට පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

පමුණුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

ඒ, පමුණුගම ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බව සඳහන් වේ.

බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි ගම්වාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ, අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමිනි .

පසුගිය ඉරිදා දින බෝපිටිය පමුණුගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන්මාලයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබණු බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...