සාමකාමීව අවසන් වීමට ලංවන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

මේ වන විට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වෙන අතර, එය පස්වරු 04 ට අවසන් වන අතර ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ද යෙදවීමටයි පියවර ගෙන ඇත.

මධ්‍යම රාත්‍රී 12ට පෙර අවසන් ප්‍රතිඵලය නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම කොට්ටාස 17 කදී සිදු වේ.

ලියාපදංචි ඡන්ද දායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර දේශපාලන පක්ෂ 08 ක් හා එක් ස්වාධීන කණ්ඩායමක්  මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, 2018 වසරේ අවසන් වසර පැවති ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට නොහැකි විය.

ඊට හේතු වූයේ දේශපාලන පක්ෂයක් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට අදාළව ගොණු කළ පෙත්සමක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම් නියෝගයක් හේතුවෙනි. 2019 වසරේදී මෙම පෙත්සමේ අවසන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතර, එම වසරේ ඔක්තෝබර් 11 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වුණි.

එහි නිල කාලය වසර 05 ක් මේ වන විට අවසන්ව ඇති අතර ඒ අනුව ඡන්ද විමසීම අද පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයන් යොදා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...