සාමකාමීව අවසන් වීමට ලංවන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

මේ වන විට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වෙන අතර, එය පස්වරු 04 ට අවසන් වන අතර ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ද යෙදවීමටයි පියවර ගෙන ඇත.

මධ්‍යම රාත්‍රී 12ට පෙර අවසන් ප්‍රතිඵලය නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම කොට්ටාස 17 කදී සිදු වේ.

ලියාපදංචි ඡන්ද දායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර දේශපාලන පක්ෂ 08 ක් හා එක් ස්වාධීන කණ්ඩායමක්  මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, 2018 වසරේ අවසන් වසර පැවති ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට නොහැකි විය.

ඊට හේතු වූයේ දේශපාලන පක්ෂයක් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට අදාළව ගොණු කළ පෙත්සමක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම් නියෝගයක් හේතුවෙනි. 2019 වසරේදී මෙම පෙත්සමේ අවසන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතර, එම වසරේ ඔක්තෝබර් 11 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වුණි.

එහි නිල කාලය වසර 05 ක් මේ වන විට අවසන්ව ඇති අතර ඒ අනුව ඡන්ද විමසීම අද පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයන් යොදා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...