මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද සිට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

අද (27) සිට පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් 7  දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතුසිදුකරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ නිල දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් අද දිනයේදී ඒවා බෙදාහැරීම සිදු නොවන බව පැවසේ.

තැපැල්පතිවරයා පවසන්නේ, නොවැම්බර් 03 වැනි ඉරු දින විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට පියවර ගන්නා බවයි.