මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද සිට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

අද (27) සිට පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් 7  දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතුසිදුකරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ නිල දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් අද දිනයේදී ඒවා බෙදාහැරීම සිදු නොවන බව පැවසේ.

තැපැල්පතිවරයා පවසන්නේ, නොවැම්බර් 03 වැනි ඉරු දින විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට පියවර ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...