*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

වසර 37 ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දැමූ යරොස්ලාවාට යුරෝපා මලල ක්‍රීඩිකා කිරුළ

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 27,(LNW) කොළඹ :

යුක්රේනයේ යුද ගිනිවලට ඉහළින් පැන කුසගින්නේ සිටින ජනතාවට පන පුදා සටන් කර රැක ගන්නට හදන රට ගැන හැඟීමක් දෙන යරොස්ලාවා මහුචික් පසුගිය කාලයේ ඇය පැනපු උසට වඩා කතා බහට ලක් වුණේ,තරග සහභාගීත්වය සඳහා යුද ගිණි මැදින් එන දුෂ්කර ගමන් ගැනයි.ඒ පැමිණි ගමන්වල සුවිශේෂී ඉලක්කය කූටප්‍රාප්තියට ගෙන එමින් ගෙවුණු 2024 ජූලි මාසයේ දී ඇය වසර 37 ක් පැරණි උස පැනීමේ ලෝක වාර්තාව තමන් නමට ලියා ගනු ලැබුවා.ඒ මීටර් 2.10 ක උසක් තරණය කරමින්.මීට පෙර එම වාර්තාව තබා තිබුණු බල්ගේරියාවේ ස්ටෙෆ්කා කොස්ටඩිනෝවා පැන තිබුණේ මීටර් 2.09 ක් පමණයි.


මේ දක්ෂතාවය ප්‍රමුඛ කර ගනිිමින් මහුචික් දැක් වූ දක්ෂතාවය අගයමින් මෙවර යුරෝපා මලල ක්‍රීඩා සංගමය වසරේ යුරෝපීය මලල ක්‍රීඩිකාව ලෙස ඇයව නම් කරනවා. සෙනසුරාදා (26) සවස උතුරු මැසිඩෝනියා ජනරජයේ Skopje හි පැවති Golden Tracks සම්මාන රාත්‍රියේ දී යුක්රේනයේ යරොද්ලාවා මලල ක්‍රීඩිකාව ලෙස සහ ස්වීඩන් හි ආර්මන්ඩ් ඩුප්ලන්ටිස් 2024 වසරේ යුරෝපීය මලල ක්‍රීඩකයා ලෙස අභිශේක ගැන් වූවා.
මේ දෙදෙනාම 2024 දී යුරෝපීය සහ ඔලිම්පික් ශූරතා දිනා ගත් අතර ඔවුන්ගේ අදාළ ඉසව්වල ලෝක වාර්තා පිහිටුවීය. අහඹු ලෙස, ජයග්‍රාහකයන් දෙදෙනාම යුරෝපයේ විශිෂ්ටතම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරන රයිසින් ස්ටාර් කුසලානයේ අතීත ජයග්‍රාහකයන් වීමෙන් හැදෙන ගස් දෙපැත්තෙන් දැනෙන බව පැහැදිළි කළා.


ලෝක රිටි පැනීමේ ආධිපත්‍යය දරමින් එහි වාර්තාව නිරන්තරයෙන් වෙනස් කරමින් සිටින ඩුප්ලන්ටිස් ලෝක රිටි පැනීමේ වාර්තාව මීටර් 6.26 දක්වා ඔසවා තබා තිබෙනවා.ඔහු සමඟ දක්ෂතම යුරෝපීය මලල ක්‍රීඩකයාට සළකා බැලුණේ සෙසු ඔලිම්පික් සහ යුරෝපීය ශූරයන් වන ජාකොබ් ඉන්ගෙබ්‍රිග්ට්සන් සහ මිල්ටියාඩිස් ටෙන්ටොග්ලෝ යන දෙදෙනායි. නෙදර්ලන්තයේ ෆෙම්කේ බෝල් සහ යුරෝපීය සහ ඔලිම්පික් මීටර් 800 ශූර කීලි හොඩ්කින්සන් මහුචික් සමඟ මේ ඇගයීමට යෝජනා වී තිබුණා.


Roma 2024 යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් 11ක් සමඟින් පදක්කම් සටහනේ පෙරමුණ ගත් ඉතාලි කණ්ඩායම විසින් විශේෂ Team Spirit සම්මානයක් දිනා ගත්තා.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan