විමල්ගේ නඩුවක් කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ (LNW):

2016 වසරේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා දිවයිනට පැමිණි අවස්ථාවේ කොළඹ ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කිරීමින් උද්ඝෝෂණය කිරීම වෙනුවෙන් චෝදනා මත , හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ලබන මස 25 වනදා දක්වා කල්තබා ඇත.

අද (28) දින මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවා ඇති අතර, නඩුවේ පළමු විත්තිකරු වන විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ අද (28) පෙනී සිටියේ නැති බව වාර්තා වේ. ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ, ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

නඩුව ලබන මස 25 වනදාට කල්තැබූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද දැනුම් දුන් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...