විමල්ගේ නඩුවක් කල් යයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ (LNW):

2016 වසරේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා දිවයිනට පැමිණි අවස්ථාවේ කොළඹ ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කිරීමින් උද්ඝෝෂණය කිරීම වෙනුවෙන් චෝදනා මත , හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ලබන මස 25 වනදා දක්වා කල්තබා ඇත.

අද (28) දින මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවා ඇති අතර, නඩුවේ පළමු විත්තිකරු වන විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ අද (28) පෙනී සිටියේ නැති බව වාර්තා වේ. ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ, ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

නඩුව ලබන මස 25 වනදාට කල්තැබූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද දැනුම් දුන් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...

රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...

රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුම් අඛණ්ඩව තුන්වන දිනටත්

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...