හිටපු ජනාධිපති රනිල් රාජ්‍ය සේවකයින්ට ලබාදුන් පොරොන්දු බොරු – අගමැතිනි හරිනි

0
427

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ (LNW):

හිටපු ජනාධිපති රනිල්, රාජ්‍ය සේවකයින්ට වැටුප් ඉහළ නංවන බවට පොරොන්දු ලබාදුන්න ද කිසිදු ආකාරයකින් ඒ සඳහා මුදල් වෙන්කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරන බවයි.

මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේලේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේ දී ජන හමුවක් පැවැත්වුණු අතර, අපේක්ෂකයින් මෙන්ම විශාල පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටි බව වාර්තා වේ.