කොළඹ LNW: ශ්රී ලංකාවට එරෙහිව කිසිදු සංචාරක තහනමක් පනවා නැති බව මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය පවසයි.
තානාපතිනිය පවසන්නේ ශ්රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට ආරුගම්බේ ප්රදේශය මඟ හරින ලෙස පමණක් එක්සත් ජනපදය උපදෙස් ලබා දුන් බවයි.
එය කිසිසේත්ම සංචාරක තහනමක් පැනවීමක් නොවන අතර ඒ ආකාරයේ “දෙවැනි මට්ටමේ” සංචාරක උපදේශනයක් එක්සත් ජනපදය විසින් පනවා ඇති එකම රට ලංකාව පමණක් නොවන බවද ඇය සඳහන් කරයි.
එක්සත් ජනපදය මාලදිවයින, ඉතාලිය හා ප්රංශය ද ලංකාවට පනවා ඇති සංචාරක උපදේශන පනවා ඇති බව සඳහන්.
ආශිකා බ්රාහ්මණ