කවුරු කවුරුත් බෝල ගහන්නේ අපි හදපු පිට්ටනියේ – දුමින්ද

Date:

කොළඹ LNW:නව ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීමේ බලාපොරොත්තුවක් නැත්ත අත්දැකීම් නැති කණ්ඩායමක් සමඟ රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව දැන් හෝ ජනතාව තීරණය කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

පසුගිය වසර දෙක තුළ වැටුණු ආර්ථිකයක් ගොඩගෙන යථාතත්ත්වයට පත්කිරීමට හැකි වූ අතර දැන් කවුරු කවුරුත් බෝල ගහන්නේ එදා ඔවුන් හැදු පිට්ටනියේ බවයි දිසානායක මහතා සඳහන් කළේ.

”පත්වුණ ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටේ ජානතාව දැන් තීන්දු කරන්න ඕනේ ඇල්පිටියේ ජනතාව වගේ මේ රටේ අත්දැකීම් නැති කණ්ඩායමක් සමඟ රටක් ගෙනියන්න බැහැ කියන කාරණය. අලුත් අය ඉන්න ඕනේ ඇත්ත. විද්වතුන් ඉන්න ඕනේ ඇත්ත. හැබැයි දේශපානය කියන එකේදී අත්දැකීම් නැතුව මේ දේ කරන්න නොහැකියි කියන කාරණාව අද ඉතාම හොඳින් පැහැදිලි වෙලා තියෙනවා. අපි සතුටු වෙනවා පහුගිය අවුරුදු දෙක තුළ පුළුවන්කම ලැබුණා මේ රටේ වැටිච්ච ආර්ථිකය නැවත වතාවක් යථාතත්ත්වයට පත්කරන්නත් මේ රටේ ජනතාවට ආර්ථිකය වැටිච්ච රටක ඉඳල නැවත වතාවක් ශක්තිමත් ආර්ථිකයක් කරා ගෙනියන්න අඩිතාලම දාන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා කවුරු කවුරුත් බෝල ගහන්නේ අපි හදපු පිට්ටනියේ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාත් සමඟ අපි ප්‍රධාන පක්ෂ සියල්ලම එකට එකතුවෙලා වැටිච්ච ආර්ථිකය නැගිට්ටවන්න තමයි අපි වැඩ කටයුතු කළේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි IMF එක,ණය දුන්න රටවල්,පුද්ගලික බැඳුම්කර සියල්ලම අපිට කලමානකරණ කරගෙන මේ තැනට එන්න පුළුවන්කම ලැබුණේ. අපි ගෙනාපු වැඩසටහනම ගෙනියනවා කියන එකත් අපිට තේරෙනවා. ඒ වගේම තේරෙන්නේ නැහැ මෙතරම් ණය කන්දරාවක් මේ වෙලාවේ ගන්නේ ඇයි කියල. අපේ ආර්ථික සැලසුම අනුව මේ තරම් ණය ප්‍රමාණයක් ගන්න තිබුණේ නැහැ. මොකද අපි ආර්ථිකය ඉතාම කලනමනාකරණය කරගනිමින් යන නිසා තමයි එදා තිබුණු විපක්ෂයට ආණ්ඩු පක්ෂයට චෝදනා කරන්න පුළුවන් වුණේ ජනතාව පීඩනයට පත්කරනව කියන දේ.”

එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ලෙස කටයුතු කළේ ණය ගැනීමෙන් එහාට ගොස් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් තුළ හිඳිමින් බව දුමින්ද දිසානායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...