ගම්මන්පිලගේ උවමනාව පැහැදිලියි. අපි ඔය වාර්තා පිළිගන්නේ නැහැ – විජිත

Date:

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් දෙවන වරට ප්‍රසිද්ධ කරන ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේ වැඩසටහනට අදාළ වාර්තාව රජය විසින් පිළිනොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

දෙවන වරටත් උදය ගම්මන්පිල මහතා ඉලක්ක කරගෙන ඇත්තේ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තා දෙකටම නීත්‍යානුකූලභාවයක් නොමැති අතර එම කමිටු දෙකම පත්කර තිබුණේ ජනාධිපතිවරයාට තොරතුරු දැනගැනීම සඳහා වන බව විජිත හේරත් මහතා කියෛස්ටියේය.

චැනල් 4 නාලිකාවේ සිදුවීම සම්බන්ධයෙන් වූ වාර්තාව වැරදි බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීමද දේශපාලනික කාරණයක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

”ගම්මන්පිල මහත්තයාගේ උවමනාව හරිම පැහැදිලියි. එතුමා ඉලක්ක කරගන්නේ, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරුන්ව. ඒ වගේම එතුමා උත්සාහ කරනවා හමුදා බුද්ධි අංශයේ සමහර අය ඉලක්ක කරලා තියෙනවා ඒ අය මේකට සම්බන්ධ නෑ කියලා. ඒක තමා ඔය චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහන පිළිබඳව ඉමාම් මහතාගේ මුලිකත්වයෙන් කරපු වාර්තාව. ඒ වාර්තාවේ අවසානයේ ඔහු කියන්න හදන්නේ ඒකනේ. අපි බලමු. රජයක් විදියට අපි මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කරනවා. ඒ විමර්ශනයෙන් පස්සේ, කොතැනද හරි කොතැනද වැරදි කවුද වගඋත්තරකරුවෝ කියලා පැහැදිලිව අවසන් තීන්දු ගන්නවා. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ. කවුරු කලබල වුණත් අපි කලබල වෙන්නේ නෑ. මේ වාර්තා කලිනුත් කිව්වා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන විශේෂ බලතල සහිත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් නෙමෙයි. නිකන්ම නිකන් ජනාධිපතිවරයාට තොරතුරු ගැනීම සඳහා පත්කරන ලද කමිටුවක්. ඒ කමිටුවට කිසිදු නිල බලයක් තියෙන ඒවා නෙමෙයි. ඒ නිසා මේ වාර්තාවල අඩංගු කරුණු පිළිගන්නේ නෑ. පැහැදිලිව ඒ බව කියනවා.” යනුවෙන් විජිත හේරත් මහතා තවදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...