නැගෙනහිර ජෙරුසලම නොසන්සුන්. ජාත්‍යන්තරය අවධානයෙන්!

Date:

ඊයේ (15) දින ඊශ්‍රායලයේ නැගෙනහිර ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රය අසල සිදුවූ නොසන්සුන්තාවයක් නිසා පුද්ගලයන් 152 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙහිදී පලස්තීන විරෝධතාකරුවන් පිරිසක් විසින් යුදෙව් බැතිමතුන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත ගල්මුල් ප්‍රහාර දියත් කර ඇති අතර, ඊශ්‍රායල කැරලි මර්දන පොලීසිය සහ සිවිල් වැසියන් අතර මෙමඟින් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇත.

පල්ලියේ යාඥා කටයුතු අවසන් වීමත් සමඟ දිගටම විරෝධතාවයේ නිරත වූ පලස්තීන බැතිමතුන් පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස්, ස්ටන් අත්බෝම්බ සහ රබර් උණ්ඩ භාවිතා කර ඇත.

ඇතැම් පලස්තීනුවන් හමාස් ධජය උසවාගෙන සිට ඇති අතර, ඇතැමුන් එම පරිශ්‍රයේ සිටි යුදෙව් බැතිමතුන් වෙත ගල්මුල් හා ගිණිකෙලි වලින් පහර දී ඇත.

ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ දොලොස්දහසක් පමණ වූ ඉස්ලාම් බැතිමතුන් අතර විරෝධතාකරුවන් සිට ඇත්තේ සියයක් පමණ බවයි.

මේ අතර, අල්-අක්සා පල්ලි පරිශ්‍රය තුළ සිදුවූ මර්දනයට විරෝධය පළකරමින් හා පලස්තීන විරෝධතාකරුවන්ට සහාය පළකරමින් ඊශ්‍රායල ධවල මන්දිරය ඉදිරිපිට ද විරෝධතාවයක් පවත්වා තිබේ.

එම විරෝධතාවය පවත්වා තිබෙන්නේ අරාබි ඊශ්‍රායල ජාතිකයන් විසින් වන අතර, ඊට විරෝධතාකරුවන් සියගණනින් සහභාගී වී ඇති බව ද සඳහන්.

මේ වන විට විරෝධතාකරුවන් 300 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මේ අතර, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය හා ස්පාඥ්ඥය ද ඊයේ දින සිදුවූ නොසන්සුන්තාවය හෙළා දකිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

තත්ත්වය පාලනය කිරීමට උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, ප්‍රචණ්ඩත්වයෙන් සහ සියලු ආකාරයේ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගෙන් වළකින ලෙස තමා සෑම පාර්ශවයකින්ම ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන්.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...