මේ රටේ අධ්‍යාපනය වෙනස් කරන්න අනුරගේ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද ? – නාමල් ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ග්‍රාමීය ප්‍රදේශවල දෙමව්පියන්ගේ දරුවන්ටත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ලෝක රැකියා වෙළඳපොලට යොමුවීමට හැකිවන අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේ වගකීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සතු බැවින් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපට පුළුවන් දේ අපි පුළුවන් කියනවා, බැරි දේ බැහැයි කියනවා. වර්තමාන ආණ්ඩුවට වුනත් අපි මඩ ගහන්නෙ නෑ. හැබැයි අපි ප්‍රශ්න කරනවා. අපි අද ප්‍රශ්න කරන්න ඕනෙ එතුමන්ලා මේ රටේ අධ්‍යාපනය වෙනස් කරන්න එතුමන්ලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ? මේ රටේ අධ්‍යාපනය පස්සට ඇදලා දැම්මෙ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංවිධානය සහ ගුරු සංවිධානය. අද ඒ ශිෂ්‍ය සංවිධාන සහ ගුරු සංවිධාන එක මේසයකට ගෙනල්ලා ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා කැබිතිගොල්ලෑවෙ, මැදවච්චියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අම්මාගෙ තාත්තාගෙ දරුවාට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ලෝක රැකියා වෙළඳපොලට යොමුකරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් දක්වා මේ අධ්‍යාපනය වෙනස් කරන්න. අපි පක්ෂයක් විදියට ආණ්ඩුවට බලපෑමක් කරනවා, ඒ අධ්‍යාපනයේ වෙනස්කම් සිදුකරලා මේ රටේ දරු පරම්පරාවට සාධාරණයක් කරන තැනට මේ ආණ්ඩුව කටයුතු කරනකල් අපි අවධානයෙන් බලන් ඉන්නවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (ඔක්තෝබර් 29) මැදවච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...