මේ රටේ අධ්‍යාපනය වෙනස් කරන්න අනුරගේ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද ? – නාමල් ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ග්‍රාමීය ප්‍රදේශවල දෙමව්පියන්ගේ දරුවන්ටත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ලෝක රැකියා වෙළඳපොලට යොමුවීමට හැකිවන අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේ වගකීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සතු බැවින් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපට පුළුවන් දේ අපි පුළුවන් කියනවා, බැරි දේ බැහැයි කියනවා. වර්තමාන ආණ්ඩුවට වුනත් අපි මඩ ගහන්නෙ නෑ. හැබැයි අපි ප්‍රශ්න කරනවා. අපි අද ප්‍රශ්න කරන්න ඕනෙ එතුමන්ලා මේ රටේ අධ්‍යාපනය වෙනස් කරන්න එතුමන්ලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ? මේ රටේ අධ්‍යාපනය පස්සට ඇදලා දැම්මෙ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංවිධානය සහ ගුරු සංවිධානය. අද ඒ ශිෂ්‍ය සංවිධාන සහ ගුරු සංවිධාන එක මේසයකට ගෙනල්ලා ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා කැබිතිගොල්ලෑවෙ, මැදවච්චියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අම්මාගෙ තාත්තාගෙ දරුවාට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ලෝක රැකියා වෙළඳපොලට යොමුකරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් දක්වා මේ අධ්‍යාපනය වෙනස් කරන්න. අපි පක්ෂයක් විදියට ආණ්ඩුවට බලපෑමක් කරනවා, ඒ අධ්‍යාපනයේ වෙනස්කම් සිදුකරලා මේ රටේ දරු පරම්පරාවට සාධාරණයක් කරන තැනට මේ ආණ්ඩුව කටයුතු කරනකල් අපි අවධානයෙන් බලන් ඉන්නවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (ඔක්තෝබර් 29) මැදවච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...