ආර්ථිකය නංවමින් චීනය, වියට්නාමය වගේ දිග ගමනක් ඉතා සාර්ථක ලෙස යන්න මාලිමාවට පුළුවන් – SB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ ආර්ථිකය නඟා සිටුවීමට ජාතික ජන බලවේගයට හැකි යැයි තමන් සිතන බවත් ඊට උදව් කිරීම මිස කකුලෙන් ඇදීම යුක්ති සහගත නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

“ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙස බලයට පත්වුණු මේ වෙලාවේ රටේ ආර්ථිකය නැගිට්ටවන්න පුළුවන් කියලා තමයි මම කල්පනා කරන්නෙ. වියට්නාමය, චීනය වගේ රටවල් ඉතා සාර්ථක විදියට සැලසුම් සහගත ලෙස විවෘත ලිබරල් ආර්ථිකයකින් ඉස්සරහට යන බව පෙනෙන නිසා මේ මාවත හරහා ඔවුන්ට දිග ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. යන්න ගමනක් තියෙනවා. ඉතින් ඒකට උදව් කරනවා මිස කකුලෙන් අදින එක එතරම් යුක්ති සහගත නෑ කියලායි මම හිතන්නෙ. ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මේ පිරිසට ඉතාම හොඳ බුද්ධිමත් අය සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරගෙන, රටේ ආදායම වැඩි කරගෙන, රට ඉක්මනින් අපනයන ආර්ථිකයකට අරගෙන ගිහිල්ලා රටට ඉක්මනින්ම විදේශ ආයෝජකයින් ගෙන්වාගෙන, දේශීය ආයෝජකයින් ශක්තිමත් කරලා ඔවුන්ගේ බය සැක අයින් කරලා දාලා රට ඉස්සරහට ගෙනියන්න ඔවුන් සැලකිලිමත් වෙන්න ඕනෙ”

එස්. බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...