ඊශ්‍රායලය ලෙබනනයේ ඓතිහාසික බාල්බෙක් නගරයට දැවැන්ත ප්‍රහාර දියත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ක්‍රි.ව. 1 වැනි සියවස දක්වා දිවෙන පුරාණ රෝම විහාර සංකීර්ණයක් ඇති ලෙබනනයේ ඓතිහාසික බාල්බෙක් නගරයට ඊශ්‍රායලය විසින් දියත් කරන ලද දැවැන්ත ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඊයේ(30)දිනයේදී ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කරන ලද ඉවත් කිරීමේ නියෝගවලට ප්‍රතිචාර වශයෙන් දස දහස් ගනනක් පදිංචිකරුවන් පලා යාමෙන් අනතුරුව මෙම ප්‍රහාර දියත් කර තිබු අතර මේ සමබන්ධයෙන් ඊශ්‍රායල් හමුදාව සඳහන් කර තිබුණේ, දකුණු ලෙබනනයේ බාල්බෙක් සහ නබටියේහි හිස්බුල්ලා අණ සහ පාලන මධ්‍යස්ථාන සහ යටිතල පහසුකම්වලට පහර දුන් බවයි.

බාලෙබෙක් යනු සිරියාවේ මායිම අසල බෙකා නිම්නයේ ප්‍රධාන ජනගහන මධ්‍යස්ථානයකි. එය බොහෝ දුරට ග්‍රාමීය ප්‍රදේශයක් වන අතර ලෙබනනයේ දුප්පත්ම ප්‍රදේශවලින් එකකි. ලෙබනනයේ බලධාරීන්ට අනුව ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් පසුගිය සති පහ තුළ පමණක් 2,800 කට වැඩි පිරිසක් ලෙබනනයේ මිය ගොස් ඇති අතර තවත් මිලියන 1.2 ක් අවතැන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස පහයි පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:වසරේ ගෙවුණු මාස 05ක කාලය තුළ අල්ලස් හෝ...

ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු සිදු කරන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේදී චීනයේ...

අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ආර්ථිකය ස්ථාවර කළා – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල මෙවර අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන...

HNB ඇෂුවරන්ස් අභියෝගයකින් තොරව වෙළද සේවා ක්‍රිකට් සූරතාවය දිනයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ අනුග්‍රහයෙන්...