ආමි චූටිගේ ප්‍රධාන ගෝලයෙක් STF දැලේ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ (LNW):

රුපියල් කෝටි විස්සකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් හා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග, සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ”හරක්කටා”ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගොලයාවන ”ආමි චූටි” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ධම්මික සමන් කුමාර (41) නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමක් සිදුකර තිබෙන්නේ, විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව, 10 කණුව හංදිය මාර්ග සංඥා කුළුණ අසල මාර්ගයේදී බව වාර්තා වේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි ඔහු, හෙරොයින් කිලෝ 06, ග්‍රෑම් 910ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 17ක්, ලොරි රථයක් හා යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...