STF බූස්ස බන්ධනාගාර කඳවුරේ සෝදිසි මෙහෙයුමක!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ (LNW):

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුල කල හදිසි සෝදිසි කිරීමකදී ඉතා ඉහල වටිනාකමක් ඇති ජංගම දුරකථන ඇතුලු උපාංග විශාල ප්‍රමාණයක් හා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් බුස්ස බන්ධනාගාර කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.එස්.පී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයයේ A,B,C හා D යන වාට්ටු තුල හදිසි සෝදීසි කිරීමක් කිරීමෙනුයි මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබෙන බව පැවසේ.

එහි දී ජංගම දුරකථන 11 ක්, සිම්පත් 13 යි, චාජර්, පොකට් රවුටර්, එම අමතර බැටරි, ඩේටා කේබල්, Adapter හා තවත් උපකරණ සමග හෙරොයින් ග්‍රැම් 03 මිලි ග්‍රැම් 150 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක්, දුම් කොල කැබලි සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...