*
Thursday, October 31, 2024
spot_img

Latest Posts

මාතරින් පානදුර ආ රශ්මිකා සහ ලෑලිඅඹෙන් පානදුර ආ යසන්ති පානදුරේ ගෞරවය රැක දෙති

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 31,(LNW) කොළඹ :


ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙන් ක්‍රීඩා සමාජ අතර පැවත්වෙක පන්දු ඕවර් 50 ක්‍රිකට් තරගාවලියේ පානදුර සහ බදුරලිය අතර තරගයේදී පානදුර කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් ද,බීආර්සී කණ්ඩායම සහ ඒස් කැපිටල් අතර තරගයෙන් ඒස් කැපිටල් කණ්ඩායමට කඩුුලු 8 ක පහසු ජයක් ද හිමි වුණා.


එහිදී පානදුර ක්‍රීඩා සමාජයට කඩුලු එකක නොසිතූ විරූ ජයක් ගෙන දෙන්නට එම කණ්ඩායමේ අවසාන කඩුල්ලේ ධෛර්යවන්ත සබදතාවය හේතු වුණා.බදුරලිය ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයේ කාසිය වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන් බදුරලිය කණ්ඩායම ලකුණු 73 ක් රැස් කරන්නට සමත් වුණා.එම ඉණිමට පිළිතුරු ලබා දීමට පැමිණි පානදුර කණ්ඩායමට ලකුණු 42 දී නවවන කඩුල්ල අහිමි වෙන්නේ 16 වන පන්දු ඕවරයේ තෙවන පන්දුවටයි.


ඔස්ට්‍රේලියාවේ පැවති අවුරුදු 19 න් පහළ තුන් කොන් තරගාවලියේ දී තුන් ඉරියව් ක්‍රීිඩිකාවක ලෙස සුවිශේෂී දස්කම් දැක් වූ රශ්මිකා සෙව්වන්දි සමඟ එක්වන යසන්ති හේරත් අවසාන කඩුල්ල වෙනුවෙන් 32 වන පන්දු ඕවරය තෙක් කඩුල්ල රැක ගනිමින් එම ඕවරයේ පළමු පන්දුවෙන් ජයග්‍රහණය ලබා ගනිමින් පරාජය භාර නොගන්නා සටන්කාමී විශ්වාසවන්ත ඉණිමකින් පසුව පානදුර කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙනවා.


මේ වන විට අනාගත තුන් ඉරියව් බලාපොරොත්තුවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හී නිරන්තර අවධානය දිනා සිටින අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමේ උප නායිකාවද වන රශ්මිකා, පන්දු 71 දී නොදැවී ලකුණු 43 ක් ලබා ජයග්‍රහණයේ නියමුවරිය වෙද්දී යසන්ති පන්දු 49 ට මුහුණ දී කඩුල්ල රැක ගෙන එක ලකුණක් පමණක් ලබා රශ්මිකා ට ජයග්‍රහණය කරා කණ්ඩායම රැඟෙන යන්නට අපූරු සහයක් ලබා දෙනවා.ඒ නිසා බදුරලිය කණ්ඩායම වෙනුවෙන් රශ්මි නේත්‍රාංජලී ලකුණු 9 කඩුලු 3 ක් සහ ශෙහාරා ඉඳුවරි ලකුණු 28 කඩුලු 3 ක් ලබා දැක් වූ දස්කම් බදුරලිය ජයකින් නිමා කර ගන්නට අපොහොසත් වෙනවා.


මාතර අනුර විද්‍යාලයෙන් පානදුර ක්‍රීඩා සමාජය විසින් ආයෝජනය කර ගන්නා ලද රශ්මිකා සහ මාතලේ ලෑලිඅඹේ විද්‍යාලයෙන් ආයෝජනය කරන ලද යසන්ති පානදුරට කැඳවීම සම්බන්ධ ස්තූති පාඨය ජයග්‍රාහී ලෙස සටහන් කරන්නට සමත් වූවාය.( යසන්ති මාතලේ දිස්ත්‍රික්කයේ දක්ෂත ක්‍රීඩිකාව වූ අවස්ථාවේ අප වෙබ් අඩවිය ඇය සමඟ කරන ලද සාකච්ඡාව පහතින් දැක් වෙයි.


https://bit.ly/4hufV5u
බදුරලිය කණ්ඩායම ලකුණු 73 ට සීමා කරන්නටත් යසන්ති සහ රශ්මිකා විශාල දායකත්වයක් දැක් වූහ.ඒ අතරින් යසන්ති හේරත් ලකුණු 8 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.සවින්දි කුරේ කැපී පෙණුනම බලපෑම ඇති කරමින් ලකුණු 10 කඩුලු 4 ක් දවා ගත්තා.රශ්මිකා කඩුලු ලබා ගත්තේ නැතත් පන්දු ඕවර් 3 ක් යවා ලකුණු 12 ක් පමණක් ලබා දුන්නා.


බීආර්සී ක්‍රීඩා සමාජයට එරෙහිව ඒස් කැපිටල් කණ්ඩායම කඩුලු 8 ක් ජයක් ලබා ගත් තරගයේ දී බීආර්සී ක්‍රීඩා සමාජය ලකුණු 77 ට සීමා කරන්නට මුල් වෙමින් දැහැමි සෙනෙත්මා,සුගන්ධිකා පතිරණ,ජනධි ආලි සහ දේවාගි ජෙගනාදන් කඩුලු 2 බැඟින් ලබා ගන්නට සමත් වුණා.ඒ අතරින් ජනාධි පන්දු ඕවර් 10 ම යවා ලකුණු 10 ට කඩුල් 2 ක් සහ දේවාගි පන්දු ඕර් 9.4 ක් යවා ලකුණු 11 ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණුනා.


හසිනි ඉන්ද්‍රජිත් ලකුණු 32 සහ දැහැමි සෙනෙත්මා ලකුණු 24 ක් ලබා ගනිමින් ඒස් කැපිටල් කණ්ඩායමට කඩුලු 2 ක් දැවී ලකුණු 78 කරා යන්නට පෙරමුණ ගෙන ක්‍රීඩා කළා.
අදද මෙම තරගාවලිය යටතේ තරග පහක් පැවත්වෙන අතර එම තරගවල සජීවි ලකුණු විස්තරවලට පහතින් පිවිසිය හැකිය.
https://srilankacricket.lk/other/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan