උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක මෙතෙක් වාර්තා වී ඇති දිගම පියාසැරිය අත්විඳියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියාව විනාඩි 86ක පියාසරියක් සහිතව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක්(ICBM) අත්හදා ඇති බව වාර්තා වේ.

මෙම මිසයිලය කිලෝමීටර 7,000 (සැතපුම් 4,350) තරම් ඉහළට ළඟා වී ඇති අතර එය මෙතෙක් වාර්තා වී ඇති දිගුම පියාසැරිය වශයෙන් හඳුනා ගැනේ,

මෙම දියත් කිරීම එක්සත් ජාතීන්ගේ සීමාවන් උල්ලංඝණය කර ඇති අතර දියත් කිරීමට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාවට නව සම්බාධක පනවන බව දකුණු කොරියාව ප්‍රකාශ කර ඇති අතර උතුරු කොරියානු නායක කිම් ජොං සඳහන් කර තිබුණේ, මෙම අත්හදබලිම සිය සතුරන්ට ප්‍රතිචාර දැක්වීමට මෙය අවශ්‍ය ක්‍රියාමාර්ගයක් බවත්, උතුරු කොරියාව එහි න්‍යෂ්ටික ශක්තිය වර්ධනය කර ගැනීම කිසිවිටෙක නවත්වන්නේ නැති බවය.

මිසයිල දියත් කිරීමෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව හා ජපානයේ නියෝජිතයන් හමුව ඇති අතර උතුරු කොරියාවට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සාකච්ජා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...