එතනෝල් ගොඩගැහිලා – ජනාධිපති ලේකම්ගේ ඉල්ලීමක් මත්පැන් නිෂ්පාදකයින් ප්‍රතික්ෂේප කරයි !

සෙවණගල හා පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවල ගොඩගැසී ඇති එතනෝල් ලීටර් මිලියන තුනකට අධික ප්‍රමාණයක් මිලදී ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය කළ ඉල්ලීමක් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ, ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ (ඔක්තෝබර් 30) පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

එහිදී ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ එතනෝල් මිලදී නොගැනීම නිසා උක් ගොවීන්ට ලබාදෙන දීමනා ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවය.

ඒ, රුපියල් 5,000ක්ව පැවති අදාළ දීමනාව පසුගිය රජය විසින් රුපියල් 10,000 දක්වා වැඩි කර ඇති පසුබිමක් තුළ ය.

කෙසේවෙතත් එහිදී මත්පැන් නිෂ්පාදකයන් පෙන්වාදී ඇත්තේ මත්පැන් සඳහා පැවති ඉල්ලුම අඩුවී ඇති බැවින් තමන් මත්පැන් නිෂ්පාදනය අවම කර ඇති බවය. එම නිසා සුරාබදු ආදායමද පහත වැටී ඇති බවත් පෙන්වා දී ඇති මත්පැන් නිෂ්පාදකයින් ඉල්ලා ඇත්තේ මත්පැන් සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙසයි. එහෙත් නිලධාරීන් ඊට පිළිතුරු දී ඇත්තේ බදු අඩු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ නොවන බැවින් එය ඉටුකළ නොහැකි බව පවසමිනි.

එමෙන්ම, මත්පැන් බෝතල්වල අලවන ස්ටිකරය නිෂ්පාදනය කරන සමාගම් පිළිබඳව හා ව්‍යාජ ස්ටිකර් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති ලේකම්වරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...