මහින්දගේ විශේෂ ප්‍රභූ ආරක්ෂාව අඩුකරයි. ත්‍රීරෝද රථයකුත් දෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60ක් දක්වා අඩුකර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, ඒ මහතාගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 60 දෙනෙක්, ජීප් රථ දෙකක්, යතුරු පැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් ලබාදී ඇත.

ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගත් තීරණයකට අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශ සහිතව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එම චක්‍රලේඛය අනුව අතිරික්ත නිලධාරීන්ගේ නාමලේඛනය හෙට (නොවැම්බර් 02) දිනට පෙර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලබාදිය යුතු අතර අනිද්දා (නොවැම්බර් 03) දිනට පෙර නියමිත ප්‍රමාණයට වැඩියෙන් ඇති වාහන පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදිය යුතු බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...