නව යොවුන් වියේ පසුවන්නන්ගේ සෞඛ්‍ය පිළිබඳව WHO උනන්දුවෙන්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 01,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: නව යොවුන් වියේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙ හි දෙවන වාර්තාව ගෝලීය නව යොවුන් ජනගහනයේ සංකීර්ණ, බහුවිධ අවශ්‍යතා සහ ඒවා විසඳීමට WHO දරන උත්සාහයන් ඉස්මතු කරයි.

ගෝලීය ජනගහනයෙන් බිලියන 1.3 ක් (16%) පමණ වයස අවුරුදු 10 සහ 19 අතර නව යොවුන් වියේ පසුවන්නන් වේ. 

පසුගිය වසර 20 තුළ, (අවුරුදු 15 සිට 19 දක්වා) නව යොවුන් වියේ ගැහැණු ළමයින්ගේ විශාලතම අඩුවීමත් සමඟ ගෝලීය වශයෙන් මරණ අනුපාතිකය ද අඩු වී ඇත. 

කෙසේ වෙතත්, භයානක අන්දමින් අවුරුදු 13- 17 අතර සිසුන් අතර සිගරට් දුම් පානය 2015 දී 12.5% ​​සිට 2023 දී 17.8% දක්වා ඉහළ ගොස් ඇත. මෙම වයස් කාණ්ඩයේ සිසුන්ගෙන් 13% ක් පමණ දැන් ඊ-සිගරට් භාවිතා කරන අතර 2015 සහ 2023 අතර, සියදිවි නසාගැනීමේ සිසුන්ගේ ප්‍රතිශතය 5.4% සිට 8.5% දක්වා ඉහළ ගොස් තිබේ. 

ගුණාත්මක මානසික සෞඛ්‍ය සහ මනෝ සමාජීය සහය සඳහා නව යොවුන් වියේ දරුවන්ගේ ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක අවශ්‍යතාවය WHO ඉදිරිපත් කරයි.

WHO ගෝලීය වාර්තාව නව යොවුන් වියේ පසුවන්නන්ගේ සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා WHO සෑම තරාතිරමකම කටයුතු කරන ආකාරය පෙන්වා දෙන අතරම ඉන්දුනීසියාවේ, නව යොවුන් වියේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේ ප්‍රයත්නයන් සමඟ 2023-2027 සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගීතා උපායමාර්ගයන් ද විශේෂයෙන් ඉස්මතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...

ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...