කැමිලා රැජිනට හදිසියේ ආ පපුවේ අමාරුව!

සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 05,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
:පපුවේ ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් කැමිලා රැජින මේ සතියේ නියමිත වැඩකටයුතු ගණනාවකින් ඉවත් වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

නිවසේ සිට කෙටි විවේකයක් ලබා ගැනීමට වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇති නමුත් සති අන්තයේ අනුස්මරණ උත්සවවලට සහභාගී වීමට ඇයට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව බකිංහැම් මාලිගය වැඩිදුරටත් පැවසීය.

77 වන වියේ පසුවන කැමිලා රැජින, බ්‍රහස්පතින්දා වෙස්ට්මිනිස්ටර් ඇබේ හි වාර්ෂික අනුස්මරණ උත්සවයට සහභාගී නොවනු ඇති අතර, එහිදී ඇය නියෝජනය කරමින් ග්ලූස්ටර් ආදිපාදවරිය එයට සහභාගී වනු ඇත.

චාර්ල්ස් රජු සමඟ ඕස්ට්‍රේලියාවට සහ සැමෝවා වෙත ගිය සංචාරයකින් පසු රැජින පසුගිය බදාදා නැවත එක්සත් රාජධානියට පැමිණි අතර, එම ගමනට ආපසු එන අතරමගදී ඉන්දියාවේ නැවතුමක්ද ඇතුළත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...