සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 02,(LNW) කොළඹ :
ශ්‍රී ලංකාව හොංකොං සය සාමාජික ක්‍රිකට් සූරතාවලියේ අන් කණ්ඩායම්වලට වඩා වෙනස් අනන්‍යතාවයකින් කටයුතු කරමින් මේ වන විට අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිස තිබෙනවා.තවමත් හොංකොං හුණ්ඩු ක්‍රීඩාංගණය තුළ තමන්ට හමුවුණු කිසිඳු ප්‍රතිවාදියෙකුට ලකුණු සියයේ සීමාවට එන්නට නොඳුන් කණ්ඩායම ශ්‍රී ලංකාව වීම ඔවුන්ගේ විශේෂ අනන්‍යතාවය වෙනවා.
ඔවුන් අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත් කළේ ප්‍රබල එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව පරාජයට පත් කළ නේපාල කණ්ඩායමයි.එහිදී කාසියේ වාසිය ලබා ගෙන පළමුව පන්දුවට පහර දීමට නේපාලයේ ඇරයුමෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 6 අවසානයේ දී කඩුලු 2 ක් දැවී ලකුණු 123 ක් රැස් කරන්නට සමත් වුණා.
ශ්‍රී ලංකා ලකුණු පූවරුවට ලකුණු 50 සීමාවට පැමිණ තරගාවලියේ හැඩයට අනුව නොදැවී පිටියෙන් ඉවත් වූ සඳුන් වීරක්කොඩි හොඳ ආරම්භයක් ලබා දෙමින් පන්දු 14 දී 4 පහර හතරක් සහ හයේ පහර පහක් සහිතව නොදැවී ලකුණු 50 ක් රැස් කරන්නට සමත් වුණා.එසේම නායක ලහිරු පන්දු 8 දී ලකුණු 31 නොදැවී සහ ලහිරු සමරකෝන් පන්දු 5 ට මුහුණ දී ලකුණු 22 ක් ලබා ගෙන තරගයේ අවසාන පන්දුවේදී පිටියෙන් ඉවත් වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි නේපාලය ඒ වන විට තමන් සහභාගි වූ කොටසේ දී එංගලන්ත සහ ඔස්ට්‍රේලියා සය සාමාජික කණ්ඩායම්වලට හොඳින් පහර දී සිටියත් ආරම්භක ඕවරයේදී ම කඩුල්ලක් දවා ගනිමින් ධනංජය ලක්ෂාන් ජයග්‍රහණය වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා ගත්තා.දෙවන පන්දු ඕවරයේදී පිත්තෙන් ද පන්දු පහකදී ලකුණු 22 ක් ලැබූ ලහිරු සමරකෝන් ලකණු 6 ක් පමණක් දෙමින් කඩුලු දෙකක්ම දවා ගන්නට සමත් වුණා.ඒ නිසාම ලහිරු සමරකෝන මේ තීරණාත්මක තරගයේ වීරයා ලෙස ද නම් කළා.පළමු පන්දු ඕවරයෙන් කඩුල්ලක් දවා ගනිමින් තරගයට අවතීර්ණ කිරීම දිගටම සුරැක රැගෙන ආ ධනංජය ලක්ෂාන් තෙවන ඕවරයේදී අසාර්ථක වූවා.විශේෂයෙන් පන්දුව නිසි ඉලක්කයට යොමු කිරීම සඳහා සහ පන්දු යැවීමේ විවිධත්වය පෙන්වීම සඳහා ඔහු ගත් උත්සාහයන් අසාර්ථක වුණා.එහෙත් සිව්වන ඕවරයේදී තරිඳු රත්නායක කඩුලු දෙකක් බිඳ දමා තරගය ශ්‍රී ලංකාව දෙසට හරවනු ලැබුවා.
හොංකොං සය සාමාජික තරග ආකෘතිය ඇතුළේ නොදැවී සිටින එක් පිතිකරුවෙකුට වුව පන්දුවට පහර දීමට අවස්ථාව ඇති නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටි රෂීඩ් ඛාන් ට තව දුරටත් නේපාලය ජයග්‍රහණය කරා ගෙන යන්නට ඉඩ සැළසුණත් නායක ලහිරු මධුශංකගේ පස්වැනි ඕවරයේ දී ඔහු විසින් රශීඩ්ව දවා ගනිමින් ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 40 ජයක් ලබා ගන්නට ඉඩ විවිර කළා.
අවසාන පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට හමුවන්නේ මේ තරගාවලියේ පළමු වටයේදී තමන් වෙතින් පරාජය පත් වූ බංගලාදේශ කණ්ඩායමයි.ඔවුන් හ්‍රී ලංකාව සිටි කාණ්ඩයේ ශී ලංකාව වෙතින් පරාජය වි සිටීම, ශ්‍රී ලංකාවට මානසිකව සහනයක් වෙනවා.එහෙත් ඔවුන් හෙට වෙනස්ම තරගයකට මුහුණ දෙන නිසා වැඩි විශ්වාසයට වඩා ඉහළම දක්ෂතාවය ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.
මේ තරගාවලියේ සෙසු කණ්ඩායම් හා සසඳද්දී ශ්‍රී ලංකා කණ්ඩායම විශාල ලකුණු ලබා ගැනීමේ කාර්යයටත් වඩා කැපී පෙනෙන්නේ ප්‍රතිවාදීන්ට විශාල ලකුණු ප්‍රමාණයක් ලබා කොදෙන කණ්ඩායම හැටියටයි.ඒ අනන්‍යතාවය ඔවුන්ගේ ජයග්‍රහණයේ අනන්‍යතාවය ලෙස ඉදිරියටත් රැක ගැනීම වැදගත් වෙනවා. මේ තත්ත්වය නිසා බංගලාදේශය නැවත හමුවද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිළිබඳව වෙනම හැදෑරීමක් ඇතුව පිටියට පිවිසෙනු නිසැකයි.අලුත් දවසක සූරතාවයට කිට්ටුවෙන් හමුවන බංගලාදේශය,මූලික තරගයේදී තමන්ට පරාජය වුණු කණ්ඩායම ලෙස අඩු සැළකිල්ලකින් කටයුතු නොකර අලුතෙන් හමුවන ප්‍රතිවාදියෙක් ලෙස සිතා කටයුතු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සතු අත්දැකීම් බොහෝ විට ප්‍රයෝජනයට ගනු ඇති.
හොංකොං සය සාමාජික තරගාවලිය 2017 ට පසුව පැවත්වෙන පළමු අවස්ථාව මෙයයි.එම ඉත්හාසය තුළ ශ්‍රී ලංකාව සූරතාවය දිනා ඇත්තේ 2007 දී පමණයි.එම අවස්ථාවේදී වැඩිම කඩුලුලාභියා වූ සමන් ජයන්ත ඊට පෙර 2003 දී තරගාවලියේ වීරයා බවට ද පත් වී තිබෙනවා.එසේම එම වසරේ දී වැඩිම ලකුණුලාභියා ලෙස ඇගයීමට පත් වූයේ ද සමන් ජයන්තයි.තිළිණ කණ්ඩම්බි 2006 දී වැඩිම කඩුලු ලාභියා වී තිබෙන අතර 1996 දී රුවන් කල්පගේ,2001 දී උපුල් චන්දන (සම), 2004 දී ඩිල්රුවන් පෙරේරා (සම) 2010 දී කෞශල්‍යය වීරරත්න (සම) ලෙස වැඩිම කඩුලුලාභින් වීමේ ගෞරවයත් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වී තිබෙනවා.
මේ නාමාවලිය දෙස අවධානය යොමු කරද්දී හොංකොං සය සාමාජික කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට නායකත්වය දුන් ඉන්දික ද සේරම් සහ වරක් මේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස සම දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ඩිල්රුවන් පෙරේරා වත්මන් ජාතික තේරීම් කමිටු සාමාජිකයන් ලෙස සිටීමත් වැදගත් වෙනවා.එසේම ජාතික කණ්ඩායම සමඟ මෙම තරගාවලියේ විශේෂ ඇගයීම් ලද උපුල් චන්දන සහ තිළිණ කණ්ඩම්බි පුහුණුකරුවන් ලෙස එක් වී සිටිනවා.
තරගාවලිය 1992 දි ආරම්භ වී ඇති අතර 1993 දී ශ්‍රී ලංකාව අනු සූරතාවය දිනා ගන්නට සමත් වී තිබෙනවා.එසේම 2004 දී ද ශ්‍රී ලංකාව මෙහි අනු සූරතාවය දිනා තිබෙනවා.මේ සූරතාවය වැඩිම අවස්ථා ගණනකදී දිනා ගත් කණ්ඩායම් වන්නේ එංගන්තය,පකිස්තානය සහ දකුණු අප්‍රිකාවයි.ඒ අතරින් මේ වන විට අවසාන තරගයට ඒම සඳහා අවසාන පූර්ව වටයේ දකින්නට ලැබෙන්නේ පකිස්තාන කණ්ඩායම පමණයි.ඔවුව් මෙවරත් තරගාවලියේ සිය අපරාජිතකම සමඟ රැඳී සිටින අතර අනෙක් අපරාජිත කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි.