ජනපති අනුරගෙන් පාසල් දරුවන්ට සහනයක්!

0
2319

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ (LNW):

කාර්යක්ෂම ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමටත්, පාසල් දරුවන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රට හදන මාලිමාවේ අපි එකට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර, එම රැලිය පැවැත් වුණේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

මහමැතිවරණයට මහනුවර  දිස්ත්‍රික්කයෙන් තරගවදින ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායමේ ජයතහවුරු කිරීමේ ජන රැලියට විශාල පිරිසක් එක්ව සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.