රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ (LNW):
පෙරේදා (01) දින බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගස්ඔය ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරින් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
කුරුණෑගල සහ නිවිතිගල පිහිටි ඔවුන්ගේ නිවෙස් වලදී එම අවසන් කටයුතු සිදුකෙරෙනු ඇත .
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහයෙන් අවසන් කටයුතු සිදු කෙරෙන බව සඳහන් වේ.
තවද, බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති අතර ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සිසුන් සංඛ්‍යාව, 8 ක් බව වාර්තා වේ.