සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් යළි පෘථිවියට!

Date:

කොළඹ LNW:චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක කාලයක් සිය රාජකාරි කටයුතු සිදු කළ චීන ගගනගාමීන් තිදෙනෙකු යළි සාර්ථකව පෘථිවියට පැමිණි බව චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

Ye Guangfu, Li Cong සහ Li Guangsu නම් මෙම ගගනගාමීන් තිදෙනා රැගත් Shenzhou-18 අභ්‍යවකාශ යානයේ කැප්සියුලය, උතුරු චීනයේ ඇතුළු මොංගෝලියාවේ ස්වයං පාලන ප්‍රදේශයේ Dongfeng ගොඩබෑමේ ස්ථානයට ළගා වී තිබේ. ඒ බෙයිජිං වේලාවෙන් අද පෙරවරු 1:24 ට පමණ.

පුරා දින 192ක් අභ්‍යවකාශයේ රැඳී සිට මෙලෙස පෘථිවියට පැමිණි ගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව ද වාර්තා වෙයි.මෙම ගගනගාමීන් සිය මෙහෙයුම් අතරතුර, ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය, අභ්‍යවකාශ ද්‍රව්‍ය විද්‍යාව, මූලික භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර ආශ්‍රිත පර්යේෂණ රැසකට දායක විය.

එමෙන්ම දීර්ඝ කාලයක් අභ්‍යවකාශයෙහි ඇවිද යමින් ඔවුන් පසුගිය මැයි මාසයේ දී නව වාර්තාවක් ද පිහිට වූ අතර එය චීන ගගනගාමීන් විසින් මෙතෙක් සිදු කරන ලද දීර්ඝතම ඒක පුද්ගල අභ්‍යවකාශ ගමන ලෙස ඉතිහාසයට ද එක්වෙයි.

චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ වැඩසටහනට අනුව 2025 වසරේ දී ද Shenzhou-20 සහ Shenzhou-21 අභ්‍යවකාශ මෙහෙයුම් දියත් කිරීමට නියමිත බව චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...