තවත් නව සභාපතිවරයෙක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ (LNW):

ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා , ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් හා පළපුරුද්ද ඇති වෘත්තීයවේදියකු ලෙස පිළිගැනීමට පත් ඒ මහතා ටෙලිකොම් ක්ෂේත්‍රය ආශ්‍රිතව විදෙස් රටවල ප්‍රකට සමාගම් රැසක සේවය කර ඇති බව සඳහන් වේ.

ටෙලිකොම් ෆීජි ආයතනයේ සමූහ විධායක නිලධාරීයකු ලෙස ද කටයුතු කර ඇති ඔහු වසර 5ක පමණ කාලයක් පාඩු ලබමින් තිබූ එම ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට සමත් වූ අතර එය ඔහුගේ වෘත්තීය ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් ලෙස පිළිගැනීමට පත්ව ඇත.

මීට අමතරව ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ඩයලොග් ආසිආටා සමාගමේ හා මැලේසියා ආසිආටා සමාගමේ ද උසස් තනතුරු කීපයක්ම දරා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...