පක්ෂය දාලා ගිය අය නැවත එමින් ඉන්නේ. අපි ඔවුන් ආදරයෙන් පිළිගන්නවා – නාමල්

Date:

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඈත් වූ පාක්ෂිකයින් නැවත වතාවක් පක්ෂයට එකතුවෙමින් සිටින අතර ඔවුන්ව පක්ෂයට ආදරයෙන් පිළිගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඇතැම් නායකයින්ගේ ක්‍රියාකලාප නිසා පාක්ෂිකයින් පක්ෂයෙන් ඈත්වූ අතර වරදාන වරප්‍රසාද වෙනුවෙන් ඇතැම් නායකයින් පක්ෂයෙන් ඈත් වූ බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”පහුගිය ජනාධිපතිවරණයට පෙර සිදුවීම් එක්ක බැලුවහම හිත් අමනාපකම් හින්දා,යම් යම් කාරණා නිසා ජනතාව අපෙන් ඈත් වුණා. සමහර නායකයෝ නිසා අපෙන් ඈත් වුණා. නායකයෝ වරදාන වරප්‍රසාද නිසා අපෙන් ඈත් වුණා. නායකයාගේ ක්‍රියාකලාපය නිසා ජනතාව ඈත් වුණා. වරදාන වරප්‍රසාද නිසා නායකයෝ ඈත් වුණා. ඈත් වෙච්ච නායකයෝ ගියාවේ කියල ඒ නායකයෝ නිසා හිත් අමනාප වෙච්ච හිත් බිදිච්ච අපේ පාක්ෂිකයෝ නැවත වතාවක් අපි එක්ක එකතු වෙමින් ඉන්නවා. අපි ඔවුන්ව ආදරයෙන් පක්ෂයට පිළිගන්නවා. මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක්. අපි ගමට වැඩ කරලා තියෙනවා.මේ දරුවන්ගේ අධ්‍යාපනයට අපි වැඩ කරලා තියෙනවා. මම අදත් විශ්වාස කරනවා වර්තමාන ආණ්ඩුව මේ දරුවන්ගේ අධ්‍යාපනය හදන්න මහන්සි වෙන්න ඕනේ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පවසයි.

නමල රාජපක්ෂ මහතා මෙම අදහස් දක්වා සිටියේ රාජාංගනය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...