Yoav Gallant සේවයෙන් නෙරපයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ව එම ධූරයෙන් නෙරපා ඇත.ඒ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ තීරණයකට අනුව බව සඳහන් වේ.

ඒ අනුව එම නෙරපා හැරීමත් සමග ඊශ්‍රායලයේ විරෝධතා මතුවී තිබෙන බව වාර්තා වේ.

තම තීරණයට හේතු වූයේ, දෙදෙනා අතර විශ්වාසය පිළිබඳ ගැටලුවක් බව නෙතන්යාහු පවසයි.

පසුගිය කාලයේදී ගැලන්ට් පිළිබඳ තම විශ්වාසය පළුදු වී ඇති බවත් විදේශ ඇමති ඊශ්‍රායල් කැට්ස් ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් කරන බවත් නෙතන්යාහු කියා සිටී.

නමුත් , මේ පිළිබඳ අදහස් දක්වමින් ගැලන්ට් පැවසුවේ, කරුණු තුනකට එකඟ නොවීම හේතුවෙන් ඔහු ඉවත් කිරීමට නෙතන්යාහු කටයුතු කළ බවයි.

මෙම තීරණයට එරෙහිව බොහෝ විරෝධතාකරුවන් නෙතන්යාහුට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා වලට එක්ව සිටින බව එරට මාධ්‍ය රැසක වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...