ජනතාවට වත්මන් ජනපති ගැන තිබුණ විශ්වාසය නැති වෙලා – සජිත්

කොළඹ LNW:අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා පැවසූ දේවල් හා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කරන දේවල් ජනතාව සංසන්දනය කරන හෙයින් අත්‍යාවශ්‍ය ආහාරවල මිල හෝ අඩු කිරීමට අපොහොසත් වී ඇති බව සමඟි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපතිවරයාට විධායක ජනාධිපති බලතල භාවිත කර අවම මිලක් නියම කළ හැකි වුවත් ඔහු එසේ නොකරන බවත් තෙල් මිල, විදුලි බිල, බදු අඩු කරන බව පැවසුවද ඉන් එකක්වත් සිදු නොවු බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තෙල් මිල සූත්‍රය වැරදියි කියා එයට විරුද්ධව කතා කළ අනුර කුමාර දිසානායක මහතා අද තෙල් මිල සූත්‍රයේ වහලකු වී ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම පාස්පෝට් පෝලිමට විසදුම් දෙන බව පැවසුවද පාස්පෝට් පෝලිම එන්න එන්න වැඩිවූ බවත් ඔවුන් දිනෙන් දින රටේ ජනතාව රැවටු බවත් මාස 6න් 6ට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා කිව්වත් එයද නොවන බවත් මේ දෙබිඩි දේශපාලනය නිසා රටම අනාථ වී ඇති බවත් හෙතෙම තවදුරටත් කියාසිටියි.

මේ වන විට ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන තත්ත්වයට පත්ව ඇති නමුත් සමඟි ජන බලවේගය එසේ නොවන අතර බලයට පත්වු විගසම මේ ගිවිසුම වෙනස් කරන බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් පළකළේ කොළඹ කෝට්⁣ටේ ඔබේසේකරපුර පැවැති ජන හමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...