*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ට්‍රම්ප්! නැවතත් ධවල මන්දිරය අතික්‍රමණය කළ වඟයි.


සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 06,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: දැඩි තරගකාරී මැතිවරනයකදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ඉතිහාසයේ නොකඩවා ජනාධිපති පදවිය ලබා ගත් දෙවන පුද්ගලයා බවට පත්ව ඇත.

මීට පෙර 2017 සිට 2021 දක්වා නිලය දැරූ ට්‍රම්ප්, 1885-1889 සහ 1893-1897 දක්වා අඛණ්ඩව වාර දෙකක් සේවය කළ එකම ජනාධිපතිවරයා වන ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්ගේ ජයග්‍රහණයට අභියෝගයක් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ දශක දෙකකට පසු මහජන ඡන්දය දිනාගත් පළමු රිපබ්ලිකන් පාක්ෂිකයා බවටද ට්‍රම්ප් පත්ව ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ ප්‍රීතිමත්ව සිටින සිය ආධාරකරුවන් අමතමින් එක්සත් ජනපද මැතිවරණයේ ජයග්‍රහණය ප්‍රකාශ කරයි.

“ඇමරිකාව අපට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබා දී ඇත,” ඔහු ප්‍රීති ඝෝෂා නඟමින් සිටි පිරිසට ප්‍රකාශ කර සිටියේය.

රිපබ්ලිකන් පක්ෂය පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා සහ ජෝර්ජියා යන යුධ පිටියේ ප්‍රාන්ත අත්පත් කරගෙන ඇති අතර, කමලා හැරිස්ට ජයග්‍රහණය සඳහා විවරව තිබුනේ පටු මාවතක් පමණකි.

2020 දී ජෝ බයිඩ්න්ට පරාජය වූ පසු ධවල මන්දිරයට නැවත පැමිණීම පිළිබඳ ට්‍රම්ප් නොයිවසිල්ලෙන් බලාසිටින්නට ඇත.

කමලා හැරිස් පවසන්නේ ඇය අද ප්‍රකාශනයක් ලබා නොදෙන බවයි. මේ අතර රිපබ්ලිකානුවන් සෙනෙට් සභාව ආපසු ලබා ගනු ඇතැයි පුරෝකථනය කෙරේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan